ගෝන මස් සමඟ දෙදෙනකු අත්අඩංගුවට
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ ගෝනෙකු වෙඩි තබා මරා මස් කිලෝ 60ක පමණ තොගයක් මුදලට විකිණීම සඳහා යතුරුපැදි දෙකකින් රැගෙන යමින් සිටි දඩයක්කරුවෝ දෙදෙනෙකු මැදිරිගිරිය,වඩිගවැව ප්‍රදේශයේදී අද(03)අලූයම අත් අඩංගුවට ගත් බව වන නිලධාරිහු කියති.