රන් භාණ්ඩ සොරකම් කළ හිටපු පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට නිවාස දෙකක රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු අද ( 05) පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි. 05 June 2020
ඇදිරිනිතීය උල්ලංඝනය කරමින් නීතී විරෝධිව මත් කරල් රැගෙන ගිය තිදෙනකු අත්අඩංගුවට ඇදිරිනීතිය හා නිරෝදායනය නීති උල්ලංඝනය කරමින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් කරල් 1360ක් යතුරුපැදි දෙකක සගවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (05) අලුයම බේරුවල අඹේපිටිය පාලම අසල කළ පරීක්ෂාවකදී බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි. 05 June 2020
නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ තරුණයන් 7 ක් අත්අඩංගුවට බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුල අද (04) සවස නිරෝධායන ඇඳිරිනීතිය කඩකල තරුණයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. 04 June 2020
ගංජා සමඟ අයෙක් කල්මුණේදී අත්අඩංගුවට අම්පර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ මරදමුනේ ගම්මානයේදි විකිණිමට සකස් කරන ලද ගංජා පැකට් 77 ක් සමග සැකකරුවෙක් කල්මුනේ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 04 June 2020
නිරෝධායනය අවසන් කළ නාවික හමුදා සාමාජිකාවන් 40 ක් පිටව යති හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදාවේ වැලිසර කඳවුරේ සාමාජිකාවන් 40 සිය නිරෝධායන කටයුතු සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව නිවෙස් වෙත පිටත්කර හැරීම අද (04) ගාල්ල හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. 04 June 2020
පළගැටි උවදුර හම්බන්තොටටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගත් පළගැටි විශේෂය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වලස්මුල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශවලින්ද සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරිහු කියති. 04 June 2020
දෙමස්සිනාලා ගැටී එක් අයෙක් වෙඩි වැදී රෝහලේ: අනෙකා පලා යයි ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ කාලය තුල ඇඹිලිපිටිය, මොදරවාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පනස් හය හැවිරිදි විවාහකයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ ප්‍රතිකාර ගන්නා බව ඇඹිලිපිටිය පොලීසිය කියයි. 04 June 2020
පොහොර නොමැති වීමෙන් පුත්තලම වගාබිම් වලින් එළවළු -පලතුරු සියයට 30ක් ඉවතට වසරකට ආසන්න කාලයක් නිසි ලෙස තම වගාවන් සදහා පොහොර සපයා ගැනිමේ දි පැවති ගැටළුව මේ වන විට උග්‍ර වි ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ එළවළු ඇතුළු සෙසු භෝග වගාකරුවෝ පවසති. 04 June 2020
මුන්දලමේ නිවසකට වෙඩි තැබීම ගැන පරීක්ෂණ මුන්දලම - කිරිමට්ටාව ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පලා ගිය බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය කියයි. 04 June 2020
යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රදේශයේ දී යතුරු පැදියක් වෙනත් වාහනයක ගැටීමෙන් අද (03) රාත්‍රීයේ සිදුවූ අනතුරකින් පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පින්නවල පොලිසිය පවසයි. 03 June 2020
විදේශීය කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරුවෙකු රිමාන්ඩ් ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි විදේශිය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු හඳුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද(03) නියෝග කළාය. 03 June 2020
නිවෙසක සඟවා තිබූ ගංජා කිලෝ 4ක් සමග දෙදෙනකු අත්අඩංගුවට බෙලිඅත්ත විස්කම්පුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අලෙවි කිරීම සඳහා සඟවා තිබූ බව කියන ගංජා කිලෝග්‍රෑම් 4ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද (3) සවස අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. 03 June 2020
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් දෙදෙනා රදවා විමර්ශනයට අවසර හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ දිවුලපිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 08 වෙනිදා දක්වා රදවා තබාගෙන විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් සිසිර විජේසුරිය මහතා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අද (3) අවසර ලබා දුන්නේ ය. 03 June 2020
හාලිඇල හූරියල්පතන කන්දේ ගින්නක් හාලිඇල මොරේතොට හුරියල්පතන කන්දේ අද (03) සවස ඇතිවූ ගින්නක් මේ වන විටත් ව්‍යාප්ත වෙමින් පවතින බව ගම්වැසියෝ පවසති. 03 June 2020
නීතිඥ මාෂල් පෙරේරා අවසන් ගමන් යයි ඌව,සබරගමුව සහ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද (3) සවස බදුල්ල පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි . 03 June 2020
ළමා සුරැකුම් මධ්‍යස්ථානයක දරුවෝ තිදෙනක්ට බඹරු අනිති ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් භාරයේ සිටි කුඩා ළමුන් තිදෙනෙකුට බඹරු ඇන ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. 03 June 2020
මාවතගමින් හමු වු පලගැටියා පොල්ගහවෙල රබර් වතු දෙකකින් සොයා ගනී කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පලගැටි උවදුර පොල්ගහවෙල ලෙව්දෙනිය හා පනලිය ප්‍රදේශවල පෞද්ගලික රබර් වතු දෙකකින් වාර්තාවේ. 03 June 2020
ගිනි අවි 12 ක් සමඟ අයෙක් අත්අඩංගුවට තණමල්විල පොලිස් වසමට අයත් සුරියවැව ප්‍රදේශයේදි මෙරට නිෂ්පාධිත ගිනිඅවි 12ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට තණමල්විල පොළිසිය අද(03) සමත්ව තිබෙි. 03 June 2020
හල්ඔළුව ප්‍රදේශයේදී ජිප් රථයක් වාහන 4 ක ගැටෙයි කටුගස්තොට පේරාදෙණිය මාර්ගයේ හල්ඔළුව ප්‍රදේශයේදී අද (03) ජීප් රථයක් වාහන හතරක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇති බව පොලිසිය පැවසීය. 03 June 2020
එස්.ඩී.බණ්ඩාරනායක ගුණ සැමරේ ඉඹුල්ගොඩ වීරයා නමින් ප්‍රචලිත, 1952 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ගම්පහ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කළ අභාවප්‍රාප්ත එස්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 6 වන ගුණ සමරුව අද (3)පෙරවරුවේ ඉඹුල්ගොඩදී පැවැත්විණි. 03 June 2020
වයඹ පළාත් තොරතුරු කළමනාකරණ පද්ධතිය සක්‍රීය කෙරේ වයඹ පළාත් ආයෝජන වැඩසටහන් මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සහ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා වූ තොරතුරු කළමනාකරණ පද්ධතිය නිල වශයෙන් සක්‍රීය කිරීම අද (03) වයඹ පළාත් ආණ්ඩුකාර ඒ .ජේ.එම්.මුසාම්මිල් මහතා අතින් සිදු කෙරිණි. 03 June 2020
’කුරුණෑගලින් හමු වූ බෝග වනසන පළගැටියා දකුණටත් ව්‍යාප්තවෙලා’ කුරුනෑගල සහ මාවතගම ප්‍රදේශවලින් වාර්තාවූ බෝග වර්ග විනාශ කරන පළගැටි විශේෂය මේ වන විට දකුණු පළාතේද ව්‍යාප්ත වෙමින් පවතින බව දකුණු පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා පවසයි. 03 June 2020
කඩු-කෙටේරි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට කෙටේරියක් හා කඩු කීපයක් සමග පුද්ගලයෙකු අද(3) අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසයි . 03 June 2020
වැවක ගිලී මියගිය අයෙකුගේ සිරුරක් සොයාගනී දඹගල්ල දැලිව ප්‍රදේශයේ වැවක ගිලී මියගොස් සිටි 45හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද(03) දඹගල්ල පොලීසිය සොයාගෙන ඇත. 03 June 2020
මියගිය දිවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරේ නෙලුව හප්පිටිය මැණිකාවිට ප්‍රදේශයේදී මළ පුඩුවකට හසු වූ දිවියාගේ මළ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව ඇත්අතුරු සෙවන රෝහලේ පංශු වෛද්‍ය නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ බව හික්කඩුව ජාතික උද්‍යනයේ වනජිවි නිලධාරියෙක් සඳහන් කළේය. 03 June 2020
ගෝන මස් සමඟ දෙදෙනකු අත්අඩංගුවට සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ ගෝනෙකු වෙඩි තබා මරා මස් කිලෝ 60ක පමණ තොගයක් මුදලට විකිණීම සඳහා යතුරුපැදි දෙකකින් රැගෙන යමින් සිටි දඩයක්කරුවෝ දෙදෙනෙකු මැදිරිගිරිය,වඩිගවැව ප්‍රදේශයේදී අද(03)අලූයම අත් අඩංගුවට ගත් බව වන නිලධාරිහු කියති. 03 June 2020
ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරාධිපතිහිමියෝ අපවත් වෙති කලාගම් පළාතේ විශේෂ සමථ බලසම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක හා කැකිරාව ඔරුගල්සෑය පුරාණ රජමහා විහාරාධිපති පූජ්‍ය කොක්මඩුවේ ශ්‍රී රතනජෝත්‍යාභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත්වූහ. 03 June 2020
බඹරු ඇනීමෙන් කතක් මරුට තලවකැලේ ටි. ආර්. අයි. ශාන්ත කුම්ස් වතුයයේදි බඹරු ඇනීමෙන් එක් කාන්තාවක් අද (2) මිය ගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය. 02 June 2020
පලංචියකින් වැටී තරුණයෙක් මරුට මාරවිල මුදු කටුවේ අලුතින් ඉදි කරණු ලබන නිවසක ඉදි කිරීම් සදහා යොදා ගත් යකඩ පලංචියකින් බිමට වැටි බරපතල තුවාල ලබා මාරවිල මුළික රෝහලට ඇතුළත් කර සිටි තරුණයකු අද ( 2) මිය ගොස් ඇති බව මාරාවිල පොලිසිය කියයි. 02 June 2020
මී උණ රෝගය පැතිරීමේ අවදානමක් යල කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී තිබීමත්, රට පුරා පුරන් කුඹුරු අස්වැද්දීමට ඇති නැඹුරුවත් හේතුවෙන් මී උණ රෝගය ව්‍යාප්තවීමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසයි. 02 June 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025