(කේෂර ගුණතිලක)
දඹගල්ල දැලිව ප්‍රදේශයේ වැවක ගිලී මියගොස් සිටි 45හැවිරිදි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද(03) දඹගල්ල පොලීසිය සොයාගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල රුවල්වෙල දැලිව පදිංචි ටී.ආර්.එම් අමරදාස නැමති අවිවාහක පුද්ගලයෙකි.
හෙතෙම ඉකුත් (02) වෙනිදා උදෑසන නිවසින් පිටවගොස් තිබෙන අතර ආපසු නොපැමිණීම නිසා ඥාතීන් පොලීසියට දැනුම්දී ඇත.පසුව පොලීසිය හා ගම්වාසීන් එක්ව දැලිව පිහිටි කොස්ගස්අරාව වැවේ තිබී අතුරුදහන්වූ පුද්ගලයාගේ මළසිරුර සොයාගෙන ඇත.
මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය අද (03) පැවැත්වීමට නියමිතව ඇත.
දඹගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ජී.එස් ජයවීර මහතා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැවක ගිලී මියගිය අයෙකුගේ සිරුරක් සොයාගනී