(අනීෂා මානගේ)
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් හඳුනාගත් පළගැටි විශේෂය හම්බන්තොට දිස්ත්‍රීක්කයේ වලස්මුල්ල සහ බෙලිඅත්ත ප්‍රදේශවලින්ද සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවේ නිලධාරිහු කියති.
වලස්මුල්ල, පිස්සුබැද්ද සහ බෙලිඅත්ත වැව්දත්ත ප්‍රදේශවලින් මෙම පළගැටියන් විශාල සිටියදී සොයාගෙන ඇත. වලස්මුල්ල පිස්සුබැද්ද ප්‍රදේශයේ පොල් ගස් කිහිපයකට මෙම සතුන් හානි කර ඇති අතර බොහෝ වනශාකවලට හානි කර ඇතැයි ගම්මු කියති. තවද බෙලිඅත්ත වැව්දත්ත ප්‍රදේශයේද පොල් ගස් කිහිපයකට මෙම සතුන් හානි කර ඇත
තිත් පළගැටියාගේ ශරීර ලක්ෂණවලට සමාන ලක්ෂණ මෙම පළගැටියන්ගෙන් පෙන්නුම් කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු කියති.
වලස්මුල්ල කොට්ඨාසයේ ගොවිජන සංවර්ධන නිලධාරී කේ.කේ.සිරිපාල මහතා ඇතුළු නිලධාරීහු පැමිණ මෙම පළගැටියන් බෝවී තිබූ ස්ථාන පරීක්ෂා කළ අතර මාෂල් 20 රසායනිකය යොදා මෙම පළගැටියන් බෝවීම පාලනය කිරීමට ක්‍රියාකරන බව හෙතෙම කීවේය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.