වැසි විපත් කළින් දැනගන්න දුම්රිය ස්ථානවලට වැසිමාපක උපකරණ
නාය හා වැසි ආපදා අවදානම කල්ඇතිව හදුනාගැනීමේ උපක්රමයක් ලෙස බදුල්ල දිස්ත්රික්කයේ දුම්රිය ස්ථානවල වර්ෂා මාන උපකරණ භාවිතා කිරීමට සැලස්වීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත ක්රියාත්මක කළ බව බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය .