අනතුරකින් තරුණයෙක් මරුට හැටන් කොටගල සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් අනතුරට පත්විමෙන් එම යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පොලිසිය පැවසිය. 11 June 2020
මාමණ්ඩියට පිහියෙන් ඇන ඝාතනය කළ බෑණා-ඔහුගේ මිතුරා අත්අඩංගුවට සිය මාමණ්ඩියට පිහියකින් ඇන ඝාතනය කළැයි තලංගම බත්තරමුල්ලේ පදිංචි විසි හය හැවිරිදි බෑණා සහ ඔහුගේ මිතුරෙකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය කියයි. 11 June 2020
යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට තලවකැලේ- හැටන් මාර්ගයේ කොටගල, රොසීටා සත්ත්ව ගොවිපල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් අද (10) සවස සිදු වු අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි. 10 June 2020
මෝටර් රියෙන් ගිනිඅවි විසි කළ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ් මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් ටි56ගිනි අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කරන ලද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා අද (10) වෙනිදා නියම කළේය. 10 June 2020
පුද්ගල ඝාතනයකට වරදකරු වූ අයෙක්ට මරණ දඬුවම නිට්ටඹුව එල්ලක්කල ප්‍රදේශයේ දී පුද්ගලයකු පිහියෙන් ඇන ඝාතනය කළ විත්තිකරුට ගම්පහ අංක (01) මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (10) මරණ දඬුවම නියම කළේය. 10 June 2020
රතුකුරුස සංවිධානයෙන් ලක්ෂ 12ක ආරක්ෂිත ඇඳුම් කට්ටල නුවරඑළිය රෝහලට නුවරඑළිය රෝහලේ කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් පවතින වාට්ටුවේ සේවයේ නියුතු වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා රතු කුරුස සංවිධානය විසින් රුපියල් ලක්ෂ 12ක් වටිනා ආරක්ෂිත ඇඳුම් කට්ටල 200ක් අද(10) පරිත්‍යාග කරන ලදී. 10 June 2020
කොබෙයිගනේ පාසලකින් පරිගණක 4ක් සොරාගනී කොබෙයිගනේ හෙන්ගමුව මහා විද්‍යාලයේ පරිඝනක කාමරය බිඳ පරිඝනක හතරක් සොරාගත් සැකකරුවකු අද(10) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 10 June 2020
ඇඳිරි නීතිය තිබියදී නීතිවිරෝධීව මත්පැන් විකුණූ 70කට නඩු ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ නිරෝධායන නීති ද උල්ලංඝනය කරමින් නීති විරෝධීව අධික මිල ගණන්වලට වව්නියාවේදී මත්පැන් අලෙවි කළ පුද්ගලයින් 70 දෙනෙකුට එරෙහිව වව්නියාව සුරාබදු කාර්යාලය මගින් මහේස්ත්‍රාත් අධිකරණය නඩු පවරා තිබේ. 10 June 2020
වැසි විපත් කළින් දැනගන්න දුම්රිය ස්ථානවලට වැසිමාපක උපකරණ නාය හා වැසි ආපදා අවදානම කල්ඇතිව හදුනාගැනීමේ උපක්‍රමයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවල වර්ෂා මාන උපකරණ භාවිතා කිරීමට සැලස්වීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතා පැවසීය . 10 June 2020
විදුලි සැර වැදී පුද්ගලයකු මරුට නිවිතිගල උඩු වතුපිටිය ප්‍රදේශයේ දි පුද්ගලයෙකු විසින් දර සදහා ගසක් කැපිමට යැමෙිදි එම ගස විදුලි රැහැන් මතට වැටිම හේතුවෙන් විදුලි සැර වැදි අද (09) පුද්ගලයෙකු මියගොස් ඇත. 09 June 2020
නිධන් හාරමින් සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට වවුනියාව , නන්දිමිත්‍රගම කිඹුලාගල කන්දේ නිධන් හාරමින් සිටි ප්‍රාදේශිය රෝහල් වෛද්‍යවරයකුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනකු අද (09) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව බෝගස්වැව පොලිසිය පවසයි. 09 June 2020
ආරච්චිකට්ටුව ප්‍රා.සභාව උණුසුම් තත්ත්වයක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මාසික රැස්විම අද ( 09) දින පැවති අවස්ථාවේ කෙරෝනා ජාතික අරමුදල වෙනුවෙන් සියලු රජයේ නිළධාරීන්ගෙන් වැටුප් කපාගැනීම සම්බන්ධයෙන් ඊට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙකු නැගූ වෝදනාවත් සමග සභාව ගැටුමක් ඇතිකරගැනීම දක්වා උණුසුම් විය. 09 June 2020
බලපත් නොමැතිව මත්පෙති ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව මදන මෝදක ගුලි 1000කට ආසන්න ප්‍රමාණයක්ද ලිංගික උත්තේජන ඖෂධ පෙති රැසක්ද සමග පුද්ගලයෙකු අද(09) දහවල් අත් අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි. 09 June 2020
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ විරෝධතා දෙකක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දෙන්න එපා යැයි මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් කරනු ලැබූ බව කියන ප්‍රකාශයකට පූජාපිටිය ප්රාදේශය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනුර මඩලුස්ස මහතා අද (9) පැවැති මාසික මහ සභා රැස්වීමේදී ලා කළු(අළු) පැහැති කමිසයක් පැළඳ පැමිණ විරෝධය දැක්වූ අතර බඩු මිළ වැඩි විමට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එස්.එම් කලීල් මහතා සීනි ග්‍රෑම් සියයක් සභාවට ගෙනවිත් පෙන්වමින් සිය විරෝධය 09 June 2020
විරෝධතා පුවරු ඔසවාගෙන හා කළු පටි පැළඳ මන්තීවරු සභාවට එති කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ පාලක පොදු ජන පෙරමුණ උප සභාපති ඇතුළු එම පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද අද (9 ) පැවති මාසික සභා රැස්වීමට පැමීණීමත් සමගම සභා රැස්වීම දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 09 June 2020
මහවැලි ගගේ දියනෑමට ගිය කාන්තාවගේ සිරුර ගොඩ ගනී මහවැලි ගගේ දිය නැමට ගියේ යැයි කියන කාන්තාවකගේ සිරුර නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ මහවැලි ගගේ පාවෙමින් තිබියදි අද (09) දින නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගෙන ඇත. 09 June 2020
බීමතින් රිය පදවා අනතුරක් කළ කතට ඇප බීමත්ව මෝටර් රථයක් පදවා මාර්ගයේ නිවැරදි දිශාවෙන් ගමන් කරමින් සිටි ළමයෙකුගේ හප්පා රිය අනතුරක් සිදු කළැයි කියන සිද්ධියකට සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කර සිටි කාන්තාවක් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර මහතා අද(8)නියෝග කළේය. 08 June 2020
මිරිස්ස වෙඩි තැබීමට ප්‍රවාහන පහසුකම් සැපයූ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට පසුගිය 30 දින වැලිගම පොලිස් වසමෙ මිරිස්ස වරාය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු වන අමිල ප්‍රසංග නොහොත් ෂන්සයින් සුද්දාට වෙඩි තැබිම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන මේ වන වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කෝලිත ද සිල්වා නොහොත් අතුරුගිරියේ ජෙරම් නැමැති අයට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අද (8 ) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසති 08 June 2020
බස් අනතුරකින් ඇගලුම් සේවිකාවෝ 12 ක් රෝහලේ ඇගලුම් කම්හලක සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථයක් පිටිගල හත්තක ප්‍රදේශයේදී තාප්පයක හැපීමෙන් තුවාල ලබා සිටි සේවිකාවන් 12 දෙනෙකු මීට ටික වේලාවකට පෙර ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කළ බව පිටිගල පොලිසිය පවසයි. 08 June 2020
කහ තිත් පළගැටියා’ අපනයන කෘෂි බෝගවලටත් පැතිරීමේ අවදානමක් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බෝග වගාවන්ට හානි සිදු කරන කහ තිත් පළඟැටියා අපනයන කෘෂි බෝගවලටද හානි සිදු කිරීම් වාර්තා වන බැවින් අපනයන කෘෂි බෝග ගොවීන්ද ඒ ගැන අවධානයෙන් සිටිය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී හීන්කෙන්ද මහතා ප්‍රකාශ කරයි. 08 June 2020
ගිනිඅවි විසිකළ මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ් පොලිස් නිලධාරි න් ලුහු බදින අවස්ථා වේදි මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දි මෝටර් රථයකින් ටි56 ගිනි අවියක් සහ මැගසින් 04 ක් එලියට විසි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ යට ඉදිරිපත් කෙරුණු මෝටර් රියේ හිමිකරු ලබන 22 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුනාරත්න මහතා 08 වෙනිදා නියම කලේය . 08 June 2020
පන්දහසේ දීමනාව නොලැබුණැයි ගොවීන් දෙදෙනකු උපවාසයක් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පිඩාවට පත් වුවන් සදහා රජය මගින් ලබා දෙන රුපියල් 5000 දිමනාව ලබා නොදිමට එරෙහිව ඊට විරෝධය පලකරමින් දිඹුලාගල ගොවින් දෙදෙනෙකු අද(08) සවස සමෘද්ධි කාර්යාලයේ වහලය උඩට නැග විරෝධතාවයක නිරත වුහ. 08 June 2020
විශ්‍රාමික හමුදා නිලධාරීයාගේ මුහුණට පිහියකින් ඇණ තුවාල කළ පුද්ගලයෙකු රිමාන්ඩ් විශ්‍රාමික හමුදා නිලරියෙකුගේ මුහුණට පිහියකින් ඇණි බරපතල කැපුම් තුවාල සිදු කල පුද්ගලයෙකු මේ මස (18) වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08) දා නියෝග කලේය. 08 June 2020
පාපැදි මෝටර් රථ අනතුරකින් පුද්ගලයකු මරුට බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බලගොල්ල 19 කණූව ප්‍රදේශයේදී අද (08) උදෑසන මාර්ගයේ ගමන් ගත් පාපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් පාපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 08 June 2020
අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ හතරක කොස් කඳන් අල්ලයි අනවසරයෙන් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කොස් කඳන් ප්‍රමාණයක් සමඟ සැකකරුවකුද කටුගස්තොට පොලිසියේ නිළධාරින් විසින් අද (8) වනදා උදේ අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 08 June 2020
තියුණු ආයුධවලින් පහරදීමකින් යාපනයේ තිදෙනෙකු රෝහලේ යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි. 08 June 2020
වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවෝ විරෝධතාවයක බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා තේ වත්තේ වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් අද (08) දින උදැසන එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර ඇත. 08 June 2020
අනතුරක් බේරීමට ගිය ලොරියක් යක්කල පොලිසිය තුළට කඩා වදී කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල පොලිසිය ඉදිරිපිටදී මාර්ගයෙහි විරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් බේරා ගැනීමට ගිය ලොරියක් පොලීසිය තුළට කඩා වැදී ඇති අතර අනතුරින් කැබ් රථයේ රියදුරා මියගොස් ඇති බව පොලිසිය පවසයි. 08 June 2020
මීගහකිවුලේ ගැටුමකින් හතරක් රෝහලේ මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (07) පස්වරුවේ ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මීගහකිවුල සහ කන්දකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 07 June 2020
මත්ද්‍රව්‍ය රැසක් සමඟ අඹු සැමි යුවළක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය රැසක් සමඟ මහරගම නල්ලවත්ත මාර්ගය අසලදී අඹු සැමි යුවළක් ද (07) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි. 07 June 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025