(නිශාන්ත කුමාර)
මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (07) පස්වරුවේ ඇතිවූ ගැටුමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මීගහකිවුල සහ කන්දකැටිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල කරමැටිය ප්‍රදේශයේ පවුල් දෙකක කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
සුළු සිද්ධියක් හේතුවෙන් ඇතිවූ බස් වීමක් දුරදිග ගොස් අතින් පයින් හා පොලු වලින් පහර දීමෙන් මෙම ගැටුම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd