(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා තේ වත්තේ වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවන් පිරිසක් අද (08) දින උදැසන එම වතු යායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර ඇත.
තමන් විසින් ඉකුත් මස දෛනික වැටුපට අමතරව නෙළු තේ දළු වලින් 30% ක් වතු පාලන අධිකාරිය මගින් කපා හැරිමට විරෝධය පාමිනුයි වතු කම්කරුවෝ විරෝධතාවයේ නිරත වෙති.
දිනක වැටුපට අමු තේදළු කිලෝ 15 – 20 අතර ප්‍රමාණයක් නෙලිය යුතු බවත්, එම ප්‍රමාණයට වඩා තමන් නෙළු තේ දළු වලින් 30% ප්‍රමාණයක් වතු පාලන අධිකාරිය මගින් කිසිදු දැනුම් දිමක් නොකර කපා හැරිම නිසා තමන්ගේ මේ මස වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් පහල බැස ඇති බවයි විරෝධාතාවයේ නියැලි සිටින වතු කම්කරුවන් කියා සිටි.
මේ සම්බන්ධයෙන් අප එම වතු යායේ වතු අධිකාරි සුගත් ආරියරත්න මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ මේ වසරේ පෙබරවාරි මාසයේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පැවති අධික වියළි කාලගුණයත් සමග තම වතු යායේ තේ දළු ඵලදාව අඩු වි තිබු නිසා වතු කම්කරුවන් දිනකට නෙළු අමු තේ දළු කිලෝ 9 ක් සදහාද දෛනික වැටුප වතු කම්කරුවන්ට ගෙවු බවත් , මේ දිනවල වතු කම්කරුවන් දෛනික වැටුපට නෙලිය යුතු අමු තේ දළු ප්‍රමාණයට වඩා වැඩි තේ දළු ප්‍රමාණයක් නෙලන නිසා පෙබරවාරි මාසයේදි වතු කම්කරුවන්ගෙන් සිදු වු පාඩුව පියවා ගැනිම සදහා ඔහුන් මේ දිනවල නෙලන තේ දළු වලින් 30% ප්‍රමාණයක් කපා ගැනිමට කටයුතු කල බවයි.
30% තේ දළු ප්‍රමාණයක් කපා ගැනිම සම්බන්ධයෙන් වතු වෘත්තිය සමිති තලවර්ලා දැනුවත් කල බවද වතු අධිකාරිවරයා පැවසිය.



2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතු පාලන අධිකාරියට එරෙහිව වතු කම්කරුවෝ විරෝධතාවයක