(උපාලි ආනන්ද සහ සිතුම් චතුරංග)
ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කාලය තුළ නිරෝධායන නීති ද උල්ලංඝනය කරමින් නීති විරෝධීව අධික මිල ගණන්වලට වව්නියාවේදී මත්පැන් අලෙවි කළ පුද්ගලයින් 70 දෙනෙකුට එරෙහිව වව්නියාව සුරාබදු කාර්යාලය මගින් මහේස්ත‍්‍රාත් අධිකරණය නඩු පවරා තිබේ.
ඒ අනුව නඩු පවරා ඇත්තේ බලපත‍්‍රයක් නොමැතිව රජයේ අනුමත මත්පැන් අලෙවි කළ පුද්ගලයින් තිදෙනකුට, බලපත්‍ර නොමැතිව විදේශ මත්පැන් අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකුට සහ මුදලට රා අලෙවි කළ පුද්ගලයින් 64 දෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පැවරූ බව වව්නියාව සුරාබදු කාර්යාල සදහන් කරයි.
උතුරු පළාත දෙක බාර සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත වව්නියාව සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති අශෝක තිලකරත්න මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම් සිදු කෙරිණි.

COMMENTS
නව නීති ක‍්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.