සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි
විශ්‍රාමික හමුදා නිලරියෙකුගේ මුහුණට පිහියකින් ඇණි බරපතල කැපුම් තුවාල සිදු කල පුද්ගලයෙකු මේ මස (18) වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08) දා නියෝග කලේය.
බලන්ගොඩ රජවක ප්‍රදේශයේ පදිංචි (26) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
විශ්‍රාම හමුදා නිළධාරීයා රාත්‍රියේ වගා බිමක් ආරක්ෂා කිරිම සදහා වාඩියක නිදාගෙන සිටියදි මොහු විසින් පිහියකින් ඇණි බරපතල කැපුම් තුවාල සිදු කර ඇති බව පොලිසිය පැවැසිය.
සැකකරු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කල අතර පහර කැමට ලක් හමුදා නිළධාරීයා රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd