IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පාපැදි මෝටර් රථ අනතුරකින් පුද්ගලයකු මරුට

(නිශාන්ත කුමාර)

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ බලගොල්ල 19 කණූව ප්‍රදේශයේදී අද (08) උදෑසන මාර්ගයේ ගමන් ගත් පාපැදියක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් පාපැදියේ ගමන්ගත් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලගොල්ල 19 කණූව කරමැටිය පදිංචි එස් ඒ ඩී විජේරත්න නැමැති 67 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතත් ඔහු ඒ වෙන වන විටත් මිය ගොස් තිබිණි.

අනතුරට පත් පුද්ගලයාගේ මරණ පරීක්ෂණය බදුල්ල අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතය.

අපරීක්ෂාකාරී ලෙස මෝටර් රථය ධාවනය කිරීම අනතුරට හේතුව බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පාපැදි මෝටර් රථ අනතුරකින් පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site