(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ කිසියම් නාදුනන් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් ඊයේ (07) රාත්‍රියේ සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
කොඩිකාමම් වෙල්ලාම්බොක්කට්ටි ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී නාදුනන පිරිස් එකවරම පැමිණ මෙම පහරදීම සිදු කර පහරකෑමට ලක් වූ අයෙකු පැමිණි යතුරුපැදියක්ද ගිනිතබා පලා ගොස් ඇත.
තියුණු ආයුදවලින් පහරකෑ තිදෙනෙකු දැඩි කැපුම් තුවාල සහිතව කොඩිකාමම් රෝහලට ඇතුලත් කර ඇති අතර පහරකෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි සුරේන්ද්‍රන් වෙනිස්වරන්, එහුගේ පියා වූ 53 හැවිරිදි වේලුපිල්ලේ සුරේන්ද්‍රන් හා 23 හැවිරිදි මහේන්ද්‍රන් අජන්තන් නැමති අයයි.
අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආවාකල්ලියේ පහරදීමක් හෝ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් දැයි යන්න සැක සහිත බවට පරික්ෂණ සිදුකරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තියුණු ආයුධවලින් පහරදීමකින් යාපනයේ තිදෙනෙකු රෝහලේ