බලපත්‍ර නොමැතිව දැව තොගයක් ප්‍රවාහනය කළ 6 දෙනෙක් අත්අඩංගුවට වනාතවිල්ළුවේ සිට දංකොටුව වෙන්නපුවේ උළු මොල් වලට කජු , අඹ දර රැගෙන යන මුවවෙන් ලක්ෂ ගණනක් වටිනා දැව තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථ තුනක් සමඟ සැකකරුවන් 06 දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු පැවසූහ. 07 June 2020
විදේශීය දුම්වැටි 124 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි අලෙවි කරමින් සිටි රන්න කට්ටකඩුව ප්‍රදේශයේ වෙළඳ සැල් හිමියෙකු මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ. 07 June 2020
ව්‍යාජ ගුවන් බලපත් ළඟ තබා ගත් ලාංකිකයින් දෙදෙනෙකුට සිංගප්පූරුවේදී සිර දඬුවම් ව්‍යාජ ලෙස සැකසූ ගුවන් ගමන් බලපත් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට එරෙහිව සිංගප්පූරු අධිකරණයකින් මාස අට බැගින් සිර දඬුවම් නියම කරනු ලැබ ඇතැයි එරට තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටී. 07 June 2020
ලොරියක් පෙරැළී අයෙක් මරුට පස්සර නගරයේ දී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් ධාවනය වී නගරය මැද පෙරළී යෑම නිසා සිදු වූ අනතුරකින් මගියෙකු මියගොස් ත්‍රී රෝද රථ 4 කට හානි සිදුව තිබෙන බව පොලිසිය කියයි. 07 June 2020
අසූ දෙහැවිරිදි කාන්තාවක් දුෂණය කළ සකකරු අත්අඩංගුවට අසු දෙහැවිරිදි කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය කොට මාස තුනක් තිස්සේ පොලිසියට කට්ටි පනිමින් සැගවි සිටි සැකකරුවකු අක්මිමන තලගහ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසයි. 07 June 2020
ලොරි රථ අනතුරකින් පුද්ගලයෙක් රෝහලට පස්සර මඩොල්සිම ප්‍රදේශයේ දී අද (7) උදෑසන සිදු වූ ලොරි රථ අනතුරකින් බරපතල තුවල ලැබූ පුද්ගලයෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පස්සර පොලිසිය පැවසීය. 07 June 2020
ලක්ෂ 06 ක මුදලක් වංචා කළ අයෙක් අත්අඩංගුවට මාළු ව්‍යාපාරිකයකුට ලබාදිය යුතු රුපියල් ලක්ෂ 06 ක මුදලක් ඔහුට ලබා නොදී එම මුදල වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අද (07) රත්ගම කිරිමැටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පවසයි. 07 June 2020
වෙඩි වැදීමකින් පුද්ගලයෙක් මරුට පොලොන්නරුව,කලහගල ප්‍රදේශයේදී අද (06) වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 06 June 2020
වෑන් රියෙන් ගිනිඅවියක් එළියට විසි කළ රියදුරු සොයා පරීක්ෂණ පොලිසිය ලුහුබැඳ එන අවස්ථාවේ මිනුවන්ගොඩ පත්තඩුවන ප්‍රදේශයේ දී වැන් රථයකින් එළියට විසි කරන ලද ටි 56 ගිනි අවිය සහ මැගසින් 04 යම් අපරාධයකට සම්බන්ධ දැයි සහ එය එලියට විසි කල වැන් රථ රියදුරු සමඟ වැන් රථය අත්අඩංගුවට ගැනීමට සදහා ගම්පහ සහ මිනුවන්ගොඩ පොලිස් ස්ථාන මගින් පරික්ෂණ ආරම්භ තිබේ . 06 June 2020
වටවලදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වෙයි හැටන් වටවල හයිඩ්‍රි ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වී ඇති බව වටවල පොලිසිය පැවසීය. 06 June 2020
දැඩි සුළඟකින් පුත්තලම ඇන්ඩෲ විදුහලට හානි පුත්තලම නගරය හරහා හමා ගිය සුළගකින් පුත්තලම ශාන්න ඇන්ඩෘෘ ප්‍රාථමික විද්‍යාලයේ වහළ රැසකට අලාභ හානී සිදුවී ඇතැයි පුත්තලම අපදා කළමණාකරන ඒකකය කියයි. 06 June 2020
සමනල වැව ජලාශයේ ගිලී අතුරුදන් වූ තරුණයකුගේ සිරුරක් සොයා ගැනේ සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු තරුණයෙකුගේ සිරුර වැවෙි ගිලි තිබියදි අද (06) දා දහවල් නාවික හමුදාව සහ පොලිසිය විසින් සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 06 June 2020
ගැරඩි ඇල්ලට තිදෙනෙක් බිලිවෙති පස්සර මඩොල්සිම ගැරඩිඇල්ල දියඇල්ලේ දියනෑමට ගිය පියකු, දියණියක සහ තවත් දැරියක දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි. 06 June 2020
දියේ ගිලි අතුරුදන් වූ එක්දරු පියාගේ සිරුර ගොඩ ගනී හොරොව්පොතාන මරදන් කඩවල වැවේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ සිරුරක් අද (06) උදෑසන ගොඩගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 06 June 2020
පැල්මඩුල්ල පාතකඩ රිය අනතුරකින් අයෙක් මරුට පැල්මඩුල්ල පාතකඩ දි ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රිරෝද රථ රියදුරු මරුමුවට පත්වු බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. 06 June 2020
ලොරි - ත්‍රි රෝද රථ අනතුරකින් 4 කට බරපතල තුවාල බණ්ඩාරවෙල කුඹල්වෙල ප්‍රදේශයේ දී අද (6) කුඩා ලොරියක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනකු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය කියයි. 06 June 2020
තුවක්කුවක් පත්තු වී තුවාල ලැබූ දෙදරු මව රෝහලේ මින්නේරිය,රොටවැව ප්‍රදේශයේ පිහිටි තම නිවෙසේ ඇඳක් යට තිබූ වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් 29 හැවිරිදි දෙදරු මවක තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 06 June 2020
නවතා තිබූ ට්‍රැක්ටරයේ ත්‍රිරෝද රිය ගැටී තිදෙනකු රෝහලේ තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් නවතා තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් අද අලුයම සිදුවූ අනතුරකින් තිදෙනකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 06 June 2020
මැදගම නිවසකින් තරුණියකගේ සිරුරක් හමුවෙයි බිබිල මැදගම නන්නපුරාව දිවියාපොළ ප්‍රදේශයේ නිවසක මියගොස් සිටි තරුණියකගේ මල සිරුරක් සොයා ගැනිමට මැදගම පොළිසිය අද (06) පස්වරැවෙි සමත්ව ඇත. 05 June 2020
නීති කඩා කඳු මුදුනේ සරුංගල් යැවු අයට දඬුවම් ඇදිරි නීතිය හා නිරෝධායන නීතිය කඩකරමින් වාහන වලින් බදුල්ල රිදීපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවීමට හා එය නැරඹිමට රැස්වූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බදුල්ල පොලිසිය පවසයි. 05 June 2020
ගල්කිස්ස මුහුදු තීරයේ අපද්‍රව්‍ය ගැන පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලිමක් දින කිහිපයක් තිස්සේ ගල්කිස්ස මුහුදු වෙරළට මහා පරිමාණයෙන් ගොඩ ගසමින් ඇති පොලිතින් හා ප්ලාස්ටික් ඇතුඵ අපද්‍රව්‍ය පිළිබදව පරික්ෂණයක් කරන්නැයි වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කොළඹ දිසාව භාර ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 05 June 2020
නිකවැරටිය රෝහලට ඕ නෙගටිව් ලේ හිඟයක් නිකවැරටිය රෝහලේ හදිසි ප්‍රතිකාර සඳහා o- (ඕ නෙගටිව් ) වර්ගයේ ලේ ඉතා.ඉක්මනින්.අවශ්‍යව ඇති බව රෝහල් සංවර්ධන කමිටුව අද 05 පැවසීය 05 June 2020
බඹරු ඇන 11 රෝහලේ මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ, කිංකෝරා කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (05) පස්වරු 02.00 ට පමණ එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 11 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ. 05 June 2020
කසිප්පු වැටලීමට ගිය සැරයන් පහර කා රෝහලේ උඩලමත්ත ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරන නිවසක් වැටලිමට ගිය නාගොඩ පොලිසියේ සැරයන්වරයෙකු නිවෙස් හිමියාගේ පුතා විසින් තල්ලුකර දැමීම නිසා තුවල ලබා අද (05) කරාපිටිය රෝහලට ඇතුලත් කල බව නාගොඩ පොලිසිය පවසයි. 05 June 2020
සමනල වැවේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන් බලන්ගොඩ සමනල වැව ජලාශයේ දිය නෑමට ගිය තරුණයෙකු අද (05) දියේ ගිලි අතුරුදන් වී ඇතැයි පොලිසිය පැවසීය. 05 June 2020
අනියම් සැමියා එක්ව මවක් සිය පුතු ඝාතනය කරයි වීරවිල කුඩාගම්මාන එකොළහේ 115/3 දරණ ඉඩමෙහි ඝාතනය කර වලදමා තිබූ 30 හැවිරිදි තිදරු පියෙකුගේ මල සිරුරක් දින 08 කට පසු ජුනි 04 වන දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කාංචනා පෙරේරා මහත්මිය හා හම්බන්තොට අධිකරණ විශේෂඥ වෛද්යිවරයා ඉදිරිපිටදී තිස්සමහාරාම පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් ගොඩගන්නා ලදී. 05 June 2020
කංසා පැළ 2625 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට කෙසෙල් වගා කරන මුවාවෙන් බලහරුව ඇඹිලිපිටියයාය ප්‍රදේශයේ පර්චස් විස්සක භූමි ප්‍රදේශයක කංසා වගා කළ පුද්ගලයෙකු ඉතා සරවට වගා කර තිබූ කංසා පැළ 2625ක් සමග අද (5) අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පැවසීය. 05 June 2020
හක්කපටස් කෑ අලි පැටියා මරුට හක්කපටස් කෑමෙන් අනතුරට ලක්ව කොටවෙහෙර ,කිරින්ද ප්‍රදේශයේ රුඳී සිටි කුඩා වල් අලි පැටියා මරණයට පත්වූ බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (05)පැවසීය. 05 June 2020
පුද්ගලයකුට උදැල්ලකින් පහර දුන් ලුතිනන්වරයා අත්අඩංගුවට මිනුවන්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ දි පුද්ගලයකුට උදැල්ල කින් පහරදී තුවාල සිදු කල නාවික හමුදා ලුතිනන්වරයකු මිනුවන්ගොඩ පොලිසිය මගින් අද (5) අත්අඩංගුවට ගෙන තිබේ. 05 June 2020
පොහොට්ටු මන්ත්‍රිගේ වෙළඳසැලට මැර ප්‍රහාරයක් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්රිවරයෙකුට අයත් බංගදෙණිය කුමාරකට්ටුව පිරිස් වත්තේ පිහිටි වෙළද සැලකට අවි ආයුධ සහිතව පැමිණි පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර අලාබ හානි කළ බවට පැමිණිල්ලක් ලැබි ඇති බව හලාවත පොලිසිය කියයි. 05 June 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025