(එච්. චන්දන )
වනාතවිල්ළුවේ සිට දංකොටුව වෙන්නපුවේ උළු මොල් වලට කජු , අඹ දර රැගෙන යන මුවවෙන් ලක්ෂ ගණනක් වටිනා දැව තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථ තුනක් සමඟ සැකකරුවන් 06 දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු පැවසූහ.
පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද (07) වනාතවිල්ළුව - පුත්තලම මාර්ගයේ සිදු කළ මෙම වැටලීමේදී ලොරි රථ තුන අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී පිටතට පෙනෙන ලෙසට කජු හා අඹ දර පටවා ඇතුළත කොහොඹ , පළු , අහු වැනි ලක්ෂ ගණනාවක් වටිනා දැව තොග රැසක් තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට සොයා ගෙන තිබේ.
මෙම දැව කදන් විවිධ ප්‍රමාණයෙන් කපා ලොරි තුළ සඟවා තිබී පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම දැව වලට ප්‍රවාහන බලපත්‍ර නොතීබී ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ලොරි රථ , දැව තොගය සහ සැකකරුවන් පුත්තලම වන සංරක්ෂණ කාර්යාලයට භාර දී ඇත.


2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බලපත්‍ර නොමැතිව දැව තොගයක් ප්‍රවාහනය කළ 6 දෙනෙක් අත්අඩංගුවට
isurandi Sunday, 07 June 2020 12:27 PM
මේ නරුම වැඩ සාමාන්‍ය මනුස්සයෙකුට කරන්න බැහැ බලගතු හස්තයක උදවු පදව්වක් නැතුව