(එච්. චන්දන )
වනාතවිල්ළුවේ සිට දංකොටුව වෙන්නපුවේ උළු මොල් වලට කජු , අඹ දර රැගෙන යන මුවවෙන් ලක්ෂ ගණනක් වටිනා දැව තොගයක් ප්‍රවාහනය කළ ලොරි රථ තුනක් සමඟ සැකකරුවන් 06 දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු පැවසූහ.
පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අද (07) වනාතවිල්ළුව - පුත්තලම මාර්ගයේ සිදු කළ මෙම වැටලීමේදී ලොරි රථ තුන අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී පිටතට පෙනෙන ලෙසට කජු හා අඹ දර පටවා ඇතුළත කොහොඹ , පළු , අහු වැනි ලක්ෂ ගණනාවක් වටිනා දැව තොග රැසක් තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට සොයා ගෙන තිබේ.
මෙම දැව කදන් විවිධ ප්‍රමාණයෙන් කපා ලොරි තුළ සඟවා තිබී පොලිස් නිලධාරීන්ට සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම දැව වලට ප්‍රවාහන බලපත්‍ර නොතීබී ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ලොරි රථ , දැව තොගය සහ සැකකරුවන් පුත්තලම වන සංරක්ෂණ කාර්යාලයට භාර දී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නරුම වැඩ සාමාන්‍ය මනුස්සයෙකුට කරන්න බැහැ බලගතු හස්තයක උදවු පදව්වක් නැතුව