(පාලිත ආරියවංශ)
පස්සර මඩොල්සිම ප්‍රදේශයේ දී අද (7) උදෑසන සිදු වූ ලොරි රථ අනතුරකින් බරපතල තුවල ලැබූ පුද්ගලයෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පස්සර පොලිසිය පැවසීය.
සෙවිළි ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් තල්ලුකර පනගැන්වීමට උත්සහ කිරීමේදී රියදුරාට එය පාලනය කර ගත නොහැකිව ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
මෙම අනතුරින් ත්‍රීරෝද රථ 3 කට ද හානි සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු බව පස්සර පොලිසිය සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.