(එච්.චන්දන )
පුත්තලම නගරය හරහා හමා ගිය සුළගකින් පුත්තලම ශාන්න ඇන්ඩෘෘ ප්‍රාථමික විද්‍යාලයේ වහළ රැසකට අලාභ හානී සිදුවී ඇතැයි පුත්තලම අපදා කළමණාකරන ඒකකය කියයි.
අද( 06) දා දහවල් හමා ගිය මෙම සුළගින් පන්ති කාමර තුනකට , ගුරු විවේකාගාරයට , ප්‍රධාන ශාලාවේ වහවල්වලට දැඩි හානී සිදු වී ඇති බව මෙය ලක්ෂ 08 පමණ ආසන්න විය හැකි බවත් මේ පිළබදව පුත්තලම කළාප අධ්‍යාපන අධක්ෂක , පුත්තලම ප්‍රාදේශීය ලේකම් දැනුවත් කල බව විද්‍යාලයේ විදුහල්පතනී ප්‍රීතිකා ප්‍රනාන්දු පැවිදි සොයුරිය පවසයි.
පුත්තලම ප්‍රදේශයට 05 දා සවස සිට අයහපත් වර්ෂා කාළගුණයක් තත්වයක් පත්වී තිබූ අතර 06 උදැසනත් ප්‍රදේශයට සුළං සමග වර්ෂාව ඇද හැලිණී. එම අවස්ථාවේ හමා ආ සුළගින් මෙම ගොඩනැගිලිවල වහලවල්වලට හානී වී තිබේ.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.