(ක.ග.කරුණාරත්න)
මින්නේරිය,රොටවැව ප‍්‍රදේශයේ පිහිටි තම නිවෙසේ ඇඳක් යට තිබූ වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් 29 හැවිරිදි දෙදරු මවක තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලීසිය කියයි.
ඇය ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත්කර තිබේ.
තමන් නිවෙසේ ඇඳයට අතුගාමින් සිටියදි එහි තිබී තුවක්කුව පත්තුවී මෙම අනතුර සිදුවූ බව ඒ කාන්තාව පොලීසියට ප‍්‍රකාශ කර ඇත.එම සිදුවීමෙන් පසුව කාන්තාවගේ සැමියා තුවක්කුවද සමඟ අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
ගිනි අවිය සමඟ ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භකර තිබෙන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd