(ඩී.ජි.සුගතපාල)
උඩලමත්ත ප්‍රදේශයේ කසිප්පු ජාවාරම් කරන නිවසක් වැටලිමට ගිය නාගොඩ පොලිසියේ සැරයන්වරයෙකු නිවෙස් හිමියාගේ පුතා විසින් තල්ලුකර දැමීම නිසා තුවල ලබා අද (05) කරාපිටිය රෝහලට ඇතුලත් කල බව නාගොඩ පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ නාගොඩ පොලිසියේ සේවය කරන ක්‍රිෂාන්ත(59076) නමැති සැරයන්වරයෙකි.
අද පොහොය දින මෙම නිවසේ නිති විරෝධි මත්පැන් ජාවාරම් කරන බවට ලැබුන තොරතුරක් අනුව නාගොඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ගොස් නිවස පරික්ෂා කිරිමට සූදානම්වු අවස්ථාවේ නිවෙස්හිමිකරුගේ පුතා සැරයන්වරයා තල්ලුකර දමා ඇත.
එහිදි සැරයන්වරයාගේ හිසට තුවාල සිදුවිම නිසා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනිම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ මහතාගේ උපදෙස් පරිදි නාගොඩ පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd