(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය, ඕල්ටන් තේ වතුයායේ, කිංකෝරා කොටසේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (05) පස්වරු 02.00 ට පමණ එල්ලවූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 11 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කරනු ලැබූහ.
තුවාල ලැබූවන් අතර වතු කම්කරු ගැබිණි කාන්තාවක් සමග කාන්තාවන් 08 දෙනෙක් හා පිරිමි කම්කරුවන් 03 දෙනෙක් සිටින බවත්, ගැබිණි කාන්තාව සහ තවත් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය දිස්ත්‍රික් රෝහල වෙත යැවූ බවත් මස්කෙලිය රෝහලේ වෛද්‍යවරු පැවසූහ.
තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී තමන්ට පහර දුන් බව රෝහල් ගතකර සිටින තුවාලකරුවන් පැවසූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd