(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සමනල වැව ජලාශයේ ගිලි අතුරුදන් වු තරුණයෙකුගේ සිරුර වැවෙි ගිලි තිබියදි අද (06) දා දහවල් නාවික හමුදාව සහ පොලිසිය විසින් සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ අලුත්නුවර උඩ අරාව ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන් පියන්කර නැමැති (21) හැවිරිදි තරුණයකු මෙලෙස වැවෙි ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඊයේ (05) පස්වරුවේ තවත් තිදෙනෙකු සමග මොහු සමනල වැව ජලාශයේ දිය නැම සදහා බලන්ගොඩ උළුපිටිය ප්‍රදේශයෙන් සමනල වැවට බැස ඇත. එහිදී මොහු වැවෙි ගිලි අතුරුදන් වි තිබෙි.
පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා ඊයේ (05) රාත්‍රිය වන තෙක් මෙහෙයුක් දියත් කලද තොරතුරක් නොලැබිණි.
අද කිරින්ද නාවික හමුදා කදවුරේ නිළදාරීන් සහ බලන්ගොඩ පොලිසිය විසින් ඔහුගේ සිරුර වැවෙි ගිලි තිබියදි සොයා ගන්නා ලදි.
පශ්චාත් මරණ පරික්ෂණ අද (06) බලන්ගොඩ මුලික රෝහල් දි පැවැත්විමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd