වන අලි මහ කුඹුක්කඩවල කුඹුරු වනසයි මහකුඹුක්කඩවල ප්‍රදේශයේ සැරිසරන වල් අලි රංචුවක් පිදීමට ආසන්න වෙමින් ඇති ගොයම් වගාවන් වනසමින් ඇති බව ගොවිහූ පවසති. 02 June 2020
විදුහල්පතිගේ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනක් අත්අඩංගුවට බේරුවල ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිගේ නිල කාමරයේ තිබූ පරිගණකය සොරකම් කළ සිසුන් දෙදෙනකු අද (02) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පැවසීය. 02 June 2020
දිවියෙකුගේ මළ සිරුරක් හමුවෙයි මළ පුඩුවකට හසු වූ දිවියකුගේ මළ සිරුරක් නෙලුව හප්පිටිය මැණිකාවිට ප්‍රදේශයේදී අද (02) සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 02 June 2020
වැවන්ඩන් වත්තේ වතු නිවාස තුනක් ගිනි ගනී කොත්මලේ, රම්බොඩ, වැවන්ඩන් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පිහිටි වතු ලයිම් පේළියක ඇති වු ගිනි ගැනීමකින් වතු නිවාස තුනක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි. 02 June 2020
යාල වනයේ දඩයමේ ගිය 9 ක් අත්අඩංගුවට යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 04 ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි දඩයමේ ගිය පුද්ගලයන් 09ක් මෙරට නිෂ්පාදිත ගිණිඅවි 04ක් හා දඩමස් කිලෝග්රෑමි 05ක් සමග අත්අඩංගුවට ගැනිමට වනජිවි නිළධාරින් කණ්ඩායමක් අද(02) සමත්ව තිබෙි. 02 June 2020
හෝටන්තැන්නේ මං පෙත් අලුත් කරයි හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසෙන මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවති. 02 June 2020
ඉන්දියාවෙන් ආ යාත්‍රාවක් ඉරණවිල වෙරළට ඇවිත් ඈත දියඹේ පාවෙමින් පැමිණි සැකකටයුතු ධීවර යාත්‍රාවක් හලාවත ඉරණවිල ධිවරයින් පිරිසක් විසින් අද ( 2දා ) ඉරණවිල වෙරළට රැගෙනවිත් ඇති බව හලාවත පොලිසිය කියයි. 02 June 2020
දංකොටුවේ වෙළදසැලක ගින්නක් දංකොටුව නගර මධ්‍යයේ පිහිටි දුරකත ඇමතුන් වෙළඳසැලක අද (02) අලුයම පමණ හදිසියේ ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල මුඵමනින්ම විනාශවී ඇති බව දංකොටුව පොලීසිය කියයි. 02 June 2020
දමනයායේ අනතුරකින් සෙබළු දෙදෙනෙක් මරුට බකමූණ නගරයට ආසන්නයේ පිහිටි දමනේයාය ප්‍රදේශයේදී අද(02)උදේ යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් පෞද්ගලික බස් රථයකගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුද සෙබළුන් දෙදෙනා මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි. 02 June 2020
මාතර-කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක් සෞඛ්‍ය බලධාරීන් විසින් මාතර ගාලු පාරේ ධාවනය වන බස් රථ පානදුර දක්වා පමණක් සීමා කිරීමට විරෝධය පල කරමින් මාතර කොලඹ පෞද්ගලික බස් රථ හිමියන් අද (02) උදෑසන සිට සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක නිරත විය. 02 June 2020
අනතුරින් කොස්තාපල් මරුට පුත්තලම - අනුරාධපුර මාර්ගයේ තබ්බෝව වැව ආසන්නයේ සිදුවී ඇති අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. 02 June 2020
ගුද මාර්ගයේ ජංගම දුරකථන සඟවා ගෙන සිටි රැඳවියෙක් අල්ලාගනී අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට තම ගුද මාර්ගයේ සඟවාගෙන ජංගම දුරකථන තුනක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවියකු අද හඳුනාගත් බව විශේෂ කාර්ය බළකායේ අඟුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරිහු පැවසූහ. 01 June 2020
කොවිඩ් අරමුදලට මධ්‍යම පළාත් අධ්‍යාපන සණස සමිතියෙන් ලක්ෂ දෙකක් කොවිට් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන සේවක සණස සමිතියෙන් රුපියල් ලක්ෂ 2 ක මුදලක් පිරිනමනු ලැබීය. 01 June 2020
වන අලි රංචුවක් නවගත්තේගම වගා බිමක් විනාශ කරති නවගත්තේගම - කුරුකැටියාව තල්ගස්වැව නව ගම්මානයේ වගා ඉඩමකටඅද( 01) දා අලුයම පැමිණි වන අලින් රංචුවක් එම වගා බිමසම්පුර්ණයෙක්ම විනාශකර දමා ඇති බවත් එම නිසා ලක්ෂ 10 වැඩි මුදලක් විනාශ වී අලභ හානී සිදුවී ඇතැයි එම ගොවීන් පවසයි. 01 June 2020
ඇඳිරිය කඩ කළ පුද්ගලයන් 17 දෙනකුට දඩ ගම්පහ යක්කල පොලිස් බල ප්‍රදේශයේදී නිරෝධායන ඇදිරි නීතිය කඩ කරමින් ප්‍රසිද්ධ මාර්ගයක් වූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වාහන වලින් ගමන් ගැනීම සහ නිරෝධායන නීතියට අකීකරු වීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවන් 17 දෙනෙකුට රුපියල් අසූ පන්දහසක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍රරාජා මහතා 01 වෙනිදා නියම කළේය. 01 June 2020
අභාවප්‍රාප්ත මාර්ෂල් පොරේරා මහතාගේ දේහය සබරගමුව පළාත් සභාවට ගෙන එයි සබරගමු පලාත් හා ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ මාෂල් පෙරේරා මහතාගේ දේහය සබරගමු පළාත් සභා සංකීර්ණය වෙත අද (01) දහවල් රැගෙන එනු ලැබූ අතර එහිදී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , දිස්ත්‍රික්ලේකම් මාලනී ලොකුපෝතාගම පළාත් ලේකම් රංජනී ජයකොඩි යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් විසින් අවසන් ගෞරව දක්වනු ලැබූහ. 01 June 2020
මිහින්තලේ ප්‍රා.සභා මන්ත්‍රීට පහර දුන් 8 කට ඇප මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා , උප සභාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අට දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (1) නියෝග කළේය. 01 June 2020
මාමා බෑණාට පිහියෙන් අනී එකම නිවසක ජීවත්වූ මාමා සහ බෑණා අතර වූ ආරවුලකින් පිහිඇණුම් කෑ බෑණා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මාමා අද (01) සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලීසිය පවසයි. 01 June 2020
දියබෙදුම ප්‍රදේශයේ අනතුරකින් 9දෙනෙකුට තුවාල ගිරිතලේ,දියබෙදුම,තුනේ කණුව ප්‍රදේශයේදී අද(01) උදේ මාර්ගය අසල නවතා තිබූ ටිපර් රථයෙක පිටුපස වෑන් රථයක් ගැටීම නිසා සිදුවූ අනතුරකින් වෑන් රථයේ රියැදුරා ඇතුළුව 09 දෙනෙකු තුවාල ලබා ඇතැයි දියබෙදුම පොලීසිය කියයි. 01 June 2020
පොල්ගොල්ල ජලාශයෙන් නාඳුනන මළ සිරුරක් හමු වෙයි මහවැලි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුරක් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු අසල රැඳී තිබියදී පොලිසිය මගින් අද (01) වනදා සොයා ගනු ලැබ තිබේ. 01 June 2020
වෙඩි තැබීමකින් දෙදරු පියා මරුට මොනරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වෙඩිතබා ඝාතනය කර ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 01 June 2020
ආරවුලක් දුර දිග ගොස් කොස්තාපල් ඇතුළු තිදෙනකු රෝහලේ අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ ඉඩමක වැට මායිමකට පවුල් දෙකක් අතර ඇතිවු ආරවුලක් දුර දිග යාම හේතුවෙන් තුවාල ලැබු පොලිස් කෙස්තාපල්වරයෙකු සහ තවත් තිදෙනෙකු තුවාල ලබා අද(31) බලපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 31 May 2020
පොරොවකින් පියාට පහරදුන් පුත්‍රයා අත්අඩංගුවට බකමූණ අතරගල්ලෑව, පෙතංආර ප්‍රදේශයේදී තම පියාට පොරොවකින් පහරදී ඝාතනය කර පොලිසිය මඟහැර සැඟවී සිටි මරණකරුගේ පුතෙකු වන 22 හැවිරිදි තරුණයෙකු එම ප්‍රදේශයේ හේනකදී අද (31) අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි. 31 May 2020
කොරෝනා ආසාදනය වූ 8 ක් හම්බන්තොට පැරණි රෝහලට ත්‍රිකුණාමලය නිරෝධායන කඳවුරක සිටියදී කොරෝනා ආසාදනය වු තවත් රෝගීන් අට දෙනෙකු අද (31) සවස හම්බන්තොට පැරණි රෝහල වෙත ගෙන එනු ලැබූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 31 May 2020
මුව මස්-වියළි ගෝන මස් සහ ගිනි අවි සමඟ දෙදෙනකු අත්අඩංගුවට මුව මස් කිලෝග්‍රෑම් 20ක් සහ ග්‍රෑම් 200ක්, වියළි ගෝන මස් කිලෝග්‍රෑම් 2ක් සහ ග්‍රෑම් 300ක් සහ බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද(31) තිස්සමහාරාමේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ කතරගම කඳවුරේ නිලධාරිහු පවසති. 31 May 2020
හුංගම සති පොළක් පිටුපස හොරොයින් පැකට් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට ඇදිරි නීතිය පැවති අවස්ථාවේ හුංගම වාඩිගල සති පොළ පිටු පස සිට හෙරොයින් මත් කුඩු පැකට් කරමින් සිටි සැකකරුවෙකු හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 01යි මිලි ග්‍රෑම් 240ක් සමග මාතර හම්බන්තොට දිසා වැටලිම් ඒකකයේ නිළධාරීන් විසින් අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 31 May 2020
මාලිගාවත්තේ වෙඩි තැබීමට පුද්ගලයන් 24 ක් අත්අඩංගුවට මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 24 දෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි . 31 May 2020
නීතිවිරෝධිව ගෙන්වූ දුම්වැටි තොගයක් බේරුවලදී අත්අඩංගුවට බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ වෙළෙඳ සැලක තිබූ නීතීවිරෝධීව තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 3400ක් අඩංගු කාටුන් 17ක් සමග සැකකරුවන් තිදෙනෙකු (30) දා සවස බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි . 31 May 2020
ටිපර් රියක කොටස් ගැලවු පිරිසක් අත්අඩංගුවට ඇදිරි නිතිය පනවා තිබියදි තේ වත්තේ ගාල් කර තිබු ටිපර් රථයක කොටස් ගැලවු සැකකරුවෙකු වතු කම්කරුවන් පිරිසක් විසින් අල්ලා අද(31) දින අලුයම හැටන් පොලිසියට භාර දි ඇත. 31 May 2020
වෙඩි බෙහෙත් ගබඩා බිමේ හරක් හොරෙන් විකුණු සිවිල් ආරක්ෂක අත්අඩංගුවට ඉඹුල් ගස් වාඩිය වෙඩි බෙහෙත් ගබඩා භූමියේ ගාල්කර සිටි ගවයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂයකට විකුණූ බව කියන සිවිල් ආරක්ෂක භටයකු සහ ගවයින් මිල දී ගත් පුද්ගලයින් දෙදෙනෙකු අද (31) අලුයම අත්අඩංගුවට ගත් බව කටාන පොලිසිය කියයි 31 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025