IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නීතිවිරෝධිව ගෙන්වූ දුම්වැටි තොගයක් බේරුවලදී අත්අඩංගුවට

තුසිත කුමාර ද සිල්වා 

බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ වෙළෙඳ සැලක තිබූ නීතීවිරෝධීව තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 3400ක් අඩංගු කාටුන් 17ක් සමග සැකකරුවන් තිදෙනෙකු (30) දා සවස බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .

මෙම දුම්වැටි තොගය රුපියල් ලක්ෂ 3කට ආසන්න බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතරින් පළමු සැකකරු මෙයට මාස 6කට පෙරද මෙවැනිම වරදකට පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු බවත් බේරුවල පොලිසිය වැඩිදුරටත් කියයි.

සැකකරුවන් වයස 35, 38, 40 වයස්වල පුද්ගලයන් බව කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න , කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස , බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිසියේ දූශන මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ , පොලිස් සැරයන් සිරිරත්න(72887), පොලිස් කොස්තාපල්වරුන් වන මදුරංග(92505), සමීර(95174), සිවිල් ආරක්ෂක සහයක දර්ශන(76161) යන මහත්වරු වැටලීම සිදු කර සැකකරුවන් හා දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (0)

නීතිවිරෝධිව ගෙන්වූ දුම්වැටි තොගයක් බේරුවලදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 186 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site