( එච්. චන්දන )
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ තබ්බෝව වැව ආසන්නයේ සිදුවී ඇති අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
අද(02) අලුයම 3.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
සේවා මුරය අවසන් වී සාලියවැව ප්‍රදේශයේ අවමංගල්‍යකට සහභාගි වීම සදහා ගොස් ආපසු රාජකාරිය සදහා පැමිනෙමින් සිටින විට ඔහු මෙම අනතුරට මුහුණ දී තිබේ.
පොලිස් කොස්තාපල්වරයා පදවාගෙන පැමිණි යතුරු පැදිය මාර්ගයේ දකුණු පසට ධාවනය පැති කණුවක ගැටී ඇති බව මුලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්තව සේවය කරමින් සිටි අඹන්පොල ප්‍රදේශයේ පදිචිව සිටි පොලිස් කොස්තාපල් ඩී.එම්.ප්‍රියන්තරත්න (83094 ) නම් අයෙකි.
අනතුර සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.


(ඡායාරූප - රෝවන් පෙරේරා)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.