(අනීෂා මානගේ)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළට තම ගුද මාර්ගයේ සඟවාගෙන ජංගම දුරකථන තුනක් රැගෙන යාමට උත්සාහ කළ රැඳවියකු අද හඳුනාගත් බව විශේෂ කාර්ය බළකායේ අඟුණකොළපැලැස්ස කඳවුරේ නිලධාරිහු පැවසූහ.
විෂ ශරීරගත වීම හේතුවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර නැවත අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන ගිය රැඳවියකු මෙලෙස ජංගම දුරකතන තුනක් බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ කිරීමේදී හඳුනාගෙන තිබිණි.
මෙම පුද්ගලයා තංගල්ලේ පදිංචිකරුවකු බවද තවදුරටත් ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද විශේෂ කාර්ය බළකා නිලධාරිහු සඳහන් කළහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.