(ටෝනි කරුණානායක)
ගම්පහ යක්කල පොලිස් බල ප්‍රදේශයේදී නිරෝධායන ඇදිරි නීතිය කඩ කරමින් ප්‍රසිද්ධ මාර්ගයක් වූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වාහන වලින් ගමන් ගැනීම සහ නිරෝධායන නීතියට අකීකරු වීම යන චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකරුවන් 17 දෙනෙකුට රුපියල් අසූ පන්දහසක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර්. එස්. එම්. මහේන්ද්‍රරාජා මහතා 01 වෙනිදා නියම කළේය.
එක් අයෙකුට රුපියල් පන් දහස බැගින් මෙසේ දඩ නියම වූ අතර අධිකරණය හමුවේ පෙනී නොසිටි තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තු නිකුත් කෙරුණි.
අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ සේවකයෙකු ඉහත චෝදනා වලින් මුදා හැරුනු අතර යක්කල පොලිසියේ පො. ප. සරත් ප්‍රේමචන්ද්‍ර මහතා පැමිනිලි මෙහෙයවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්.! තොන්ඩමන්ගේ මලගෙදර වාහන වලින් ගිය අයත් අල්ලයිද දන්නේ නෑ