( එච් . චන්දන )
නවගත්තේගම - කුරුකැටියාව තල්ගස්වැව නව ගම්මානයේ වගා ඉඩමකටඅද( 01) දා අලුයම පැමිණි වන අලින් රංචුවක් එම වගා බිමසම්පුර්ණයෙක්ම විනාශකර දමා ඇති බවත් එම නිසා ලක්ෂ 10 වැඩි මුදලක් විනාශ වී අලභ හානී සිදුවී ඇතැයි එම ගොවීන් පවසයි.
කොමඩු , බණ්ඩක්කා,දඹල,වට්ටක්කා,මෑකරල් හා බීජ කව්පි රැසක් මෙම වගා බිමේ වගා කර තිබූ බව එස් . විජේපතිරණ මහතා පවසයි.
පෞද්ගලික විදුලි වැටකින් මෙම වගා බිම ආරක්ෂා කර ඇති බවත් රාත්‍රී 1.00 පමණ පැමිණි වන අලි රංචුවක් මෙම විදුලි වැට කඩා දමා මෙහි තිබූ සියලු කොමඩු අහාරයට ගෙන අනෙක් වගා බිම් සියල්ල විනාශ කර දමා ගොස් ඇතැයි ඒ මහතා සදහන් කරයි.
මෙම වගා බිමේ අභියන්තර (පොලව ඇතුළෙන් ) ක්‍රමවත් ජල සැපයුමක් සදහා යොදා තිබූ ජල නල පද්ධතියටත් මෙම වන අලීන් මෙම ගොවි පොලේ ඇවිදීම නිසා දැඩි ලෙස හානියට පත්වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක සත්තු ගම් වදින්නේ ආහාර වෙනුවෙන්... ඇයි වනජීවී එකට මේ අය කනබොන දේවල් රක්‍ෂිතවල වගාකරලා, එම වගාබිම් මිනිසුන්ගෙන් ආරක්‍ෂාකරල, නියමිත වෙලාවට සත්තුන්ට නිදහස් කරන්න බැරි...?