(ශාන්ත චන්ද්‍රසිරි)
කොත්මලේ, රම්බොඩ, වැවන්ඩන් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පිහිටි වතු ලයිම් පේළියක ඇති වු ගිනි ගැනීමකින් වතු නිවාස තුනක් සම්පුර්ණයෙන් විනාශයට පත්ව ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි.
මෙම ගිනි ගැනීම හේතුවෙන් එම වතු නිවාසවල සිටි පුද්ගලයන්ට හානියක් සිදුව නොමැති අතර, වතු කම්කරුවන්ගේ ගෘහ භාණ්ඩ ඇතුළු අනෙකුත් දේපල සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.
වතු කම්කරුවන් එකතුව වතු නිවාසයන්ගේ හටගත් ගින්න වෙනත් නිවාසයන්ට පැතිරීයාම වැළැක්වීමට පියවර ගැනීම නිසා සිදු වන්නට ගිය විශාල විනාශයක් වැලැකී ගොස් ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ තරුණ සංවිධානයේ ප්‍රධාන ලේකම් ජීවන් තොණ්ඩමාන් මහතා ඇතුළු පිරිසක් ගිනි ගැනීමට ලක් වු වැවන්ඩන් වත්තට අද (02) පැමිණ එම වතු නිවාසවල ජීවත්ව සිටි පිරිසට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලදි.
මෙම ගිනි ගැනීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය හා කොත්මලේ පොලීසිය එකතුව පරීක්ෂණයක් සිදු කරනු ලබයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.