(බිඟුන් මේනක ගමගේ)
මළ පුඩුවකට හසු වූ දිවියකුගේ මළ සිරුරක් නෙලුව හප්පිටිය මැණිකාවිට ප්‍රදේශයේදී අද (02) සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී සිටි වනසංරක්ෂණ නිලධාරීන් පිරිසකට මෙම දිවියාගේ මළ සිරුර හමු වී ඇති අතර ඔවුන් එය වන ජීවි නිලධාරීන්ට දන්වා ඇත.
අඩි හයක පමණ දිගින් යුතු මෙම දිවියා හමුවන විට දත් හා නිය ගලවා තිබූ බව එම නිලධාරියා කීය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.