(ක.ග.කරුණාරත්න)
බකමූණ නගරයට ආසන්නයේ පිහිටි දමනේයාය ප‍්‍රදේශයේදී අද(02)උදේ යුද හමුදා බුද්ධි අංශයේ සෙබළුන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් පෞද්ගලික බස් රථයකගැටීම නිසා සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් යුද සෙබළුන් දෙදෙනා මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ප‍්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකට අනුයක්තව රාජකාරී කල සෙබළුන් දෙදෙනෙකි.
ඔවුහු බිබිල සහ ලූණුගල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණයවී තිබේ.
මොවුන් දෙදෙනා නිවාඩු ලබා සේවා ස්ථානයේ සිට සිය ගම්වලට යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව තිබෙන බව පොලීසිය සඳහන් කලේය.
යතුරු පැදිය හා ගැටුණු බස් රථයේ රියැදුරා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
බකමූණ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.