( ප්‍රින්ස් රත්නායක)
සබරගමු පලාත් හා ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙක් වූ මාෂල් පෙරේරා මහතාගේ දේහය සබරගමු පළාත් සභා සංකීර්ණය වෙත අද (01) දහවල් රැගෙන එනු ලැබූ අතර එහිදී සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , දිස්ත්‍රික්ලේකම් මාලනී ලොකුපෝතාගම පළාත් ලේකම් රංජනී ජයකොඩි යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් විසින් අවසන් ගෞරව දක්වනු ලැබූහ.
හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මාෂල් පෙරේරා මැතිණිය ඇතුලු පවුලේ ඥාතීන් එම අවස්ථාවට එක්වූ අතර දේහය කෙටි වේලාවක් පළාත්සභා සංකීර්ණයේ තැබීමෙන් අනුතුරුව කෙටි උත්සවයකින් අනතුරුව ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ලැබීය.
දේහය 03 වන බදාදා 12 ට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයටද රැගෙන යාමෙන් අනතුරුව පස්වරු 03 ට බදුල්ල විල්ස් පාක් ක්‍රීඩාංගනය වෙත රැගෙයාමට නියමිතය. අවසන් කටයුතු 03 වන බදාදා බදුල්ල විල්ස් පාක්හිදී සිදු කිරීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හෙලිකොප්ටරෙකින් අරන් ගියේ නැත්තේ මොකද ?