‘‘ආණ්ඩුව බොරුවෙන් ඉපදී බොරුවෙන් ජීවත් වී බොරුවෙන්ම මිය යන්න හදනවා’‘
කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව ලෝක වෙළඳපොලේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින් දේශීය කෘෂි නිෂ්පාදනය රැකගන්න එසේ කළ බව කියන මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා අද (26) පැවසීය.