දුර්ලභ’’ සේතෝදරී මුහුදු රාජාලියෙකු’’ අනතුරකට ලක්ව සිටියදී මුදා ගනී විශාල ප්‍රමාණයේ මුහුදු රාජාලියකු අනතුරකට ලක්ව සිටියදී වනාතවිල්ලුව ප්‍රදේශයේ දී මුදා ගත් බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (28) පැවසීය. 28 May 2020
දඩයක්කරුවගෙන් වෙඩි කෑ මුවන් දෙදෙනෙකු වනජීවියෙන් බේරා ගැනේ වයඹ වනජීවි කලාපයේ පුත්තලම ප්‍රදේශයේදී දඩයක් කරුවන්ගේ වෙඩි තැබීමකට ලක්ව බරපතල තත්වයේ සිටි මුවාට ප්‍රතිකාර අරඹා ඇති බවද , මුවාගේ දකුණු පාදය ඉවත් කිරිමට සිදු වූ බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය කාර්යාලය අද (28) පැවසීය. 28 May 2020
කණ්ඩලම වැව පිරුණත් වගාවට ජලය නැහැ දඹුල්ල කණ්ඩලම ජලාශයේ ජලය මේ වන විට පිරී ඇතැත් වැව යටතේ වගා කර ඇති කුඹුරු සහ ගොඩ බෝග වලට ජලය නිකුත් කිරීම සිමා කිරීම හේතුවෙන් ගොවිතැන් බත් සියල්ල විනාශවීමේ අවදානමකට ලක්ව ඇතැයි ගොවීහු චෝදනා කරති. 28 May 2020
අනතුරට ලක් වූ ලොරියේ හොරෙන් හරක් ගෙන ගිහින් දර්ගානගරය දෙසට නීති විරෝධීව එළ ගවයන් සිව් දෙනෙකු ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වැලිපැන්න අධිවේගී පිවිසුම අසලදී අනතුරට ලක්වීමෙන් පසුව අද (28) අලුයම වැලිපැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත. 28 May 2020
කොස් -මහෝගනී දැව සමඟ පුද්ගලයකු අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව රුපියල් ලක්ෂ 03ක් පමණ වටිනා ඉරණ ලද කොස් හා මහෝගනි දැවතොගයක් ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටරයක් සමග එහි රියදුරු අත්අඩංගුවට ගත්බැව් උඩුගම පොලිසිය පවසයි. 28 May 2020
කොරෝනාවෙන් අවතැන් වූ ජනතාවට ණය මුදලක් කොරෝනා ව්‍යසනයෙන් අවතැන්වී සිටින දකුණු පළාතේ ග්‍රාමීය ජනතාවට ග්‍රාමීය බැංකුවෙන් කෙටි කාලීන ක්ෂණික ණය මුදලක් ලබාදීමට දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුව අද(27 ) සිට පියවර ගෙන ඇත. 27 May 2020
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි මධ්‍යම පළාත තුළ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය හෙට (28) වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. 27 May 2020
තොන්ඩමන්ගේ දේහයට සම්බන්ධන් අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොන්ඩමන් මහතාගේ දේහයට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා අද (27) අවසන් ගෞරව දැක්වීය. 27 May 2020
යුද හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ සෙබළෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු ලේඛන ව්‍යාජ ලෙස සකස් කර තම සන්තකයේ තබාගෙන සිටි බව කියන හමුදා සෙබළෙකු පොලොන්නරුව,කදුරුවෙල,ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(27) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 27 May 2020
මාර්ගයක් පරීක්ෂා කිරීමට ගොස් හාරිස්පත්තුව ප්‍රා. සභාපති-ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් වරාතැන්න ප්‍රදේශයේ මාර්ගයක් පරීක්ෂා කිරීම සඳහා ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ සභාවේ නිළධාරින් පිරිසක් අද (27) දහවල් එහි ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් සහ සභාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. 27 May 2020
මාධ්‍යවේදීයාට එල්ලවූ මැර තර්ජන හෙළා දකිමින් විරෝධතාවක් ඉකුත්දා පැවැති රාමසාන් උත්සවය සමරන ආකාරය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදී බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් මහතාට අටුළුගම ප්‍රදේශයේ දී සිදු වූ මැර තර්ජන හෙළා දකිමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කළු පටි පැළැඳ නිහඬ විරෝධතාවක් බණ්ඩාරගම නගර මධ්‍යයේදී අද (27) දා දහවල් සංවිධානය කර තිබුණි. 27 May 2020
පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහලේ පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝ ගහ අසල මාර්ග බාධක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පුපුරා යාමකින් එක් කොස්තාපල්වරයකු තුවාල ලබා අද(27) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි. 27 May 2020
තද සුළඟින් වැලිවේරියේ නිවාස රැසකට හානි ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ හඹා ගිය සුළඟින් නැගෙනහිර වැලිවේරිය ග්‍රාම නිලධාරී වසම් දෙකක නිවාස නිවාස 43 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇත. 27 May 2020
කොරෝනා වලින් පසු බදුල්ලෙන් ප්‍රථම දුම්රිය පිටත්වෙයි කොරෝනා වයිරසය හේතුවෙන් මාස 2යි දවස් 7 ක් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හා මහනුවර දුම්රිය අද (27) උදේ ගමන් ආරම්භ කළේය. 27 May 2020
රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 7 කට නාය අවදානම් පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාස හතක නාය යෑමේ අවදානම් කලාප වල ජිවත්නෙ ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි. 27 May 2020
මාතලේ පුරන් කුඹුරු වල මී උණ පැතිර යාමේ අවදානමක් මාතලේ දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගය වැළදුණු පුද්ගලයින් 28 දෙනෙකු මේ දක්වා කාලය තුළ සොයා ගෙන ඇති බවත් දිස්ත්‍රික්කයේ මේ වනවිට මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බවත් මාතලේ ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මහතා පැවැසීය. 27 May 2020
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දිර්ඝ කරයි රට තුළ පැවති වාතාවරණය හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතා පැවසීය. 27 May 2020
දෙපිරිසක ගැටුමකින් 6 ක් රෝහලේ ගාල්ල මහමෝදර පැලවත්ත ප්‍රදේශයේ දි දේපාර්ශවයක් අතර ඇතිවු ගැටුමකින් 06 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි. 27 May 2020
පස් කඳු-ගස් කඩා වැටී කලවාන මතුගම මාර්ගය අවහිර වෙයි කලවාන ප්‍රදේශයට පවතින වර්ෂාපතනයත් සමඟ කලවාන මතුගම මාර්ගයේ පුංචි සමන් දේවාලය අසල මාර්ගයට පස් කඳු හා ගස් කඩා වැටීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව කලවාන පොලිසිය පවසයි . 27 May 2020
බෙලිඅත්තේ වෙළෙඳසැලක ගින්නක් බෙලිඅත්ත වලවෙල ප්‍රදේශයේ සිල්ලර භාණ්ඩ වෙළෙදසැලක අද (26) රාත්‍රී හදිසියේ ගින්නක් හටගෙන ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි. 26 May 2020
හෙරොයින් - ගංජා ප්‍රවාහනය කළ පෙම් යුවළ අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 21ක් සහ ගංජා ග්‍රෑම් 622ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පෙම් යුවලක් අද (26) සවස අත් අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලිසිය පවසයි. 26 May 2020
ත්‍රීරෝද රථයකට ගිනිතබා සැඟව සිටි අයෙක් අත්අඩංගුවට දර්ගා නගරයේ සොබලන් කන්ද ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ත්‍රීරෝද රථයක් ගිනි තබා විනාශ කර සැඟව සිටි පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 26 May 2020
අසාදිතයින් රැගෙන ආ ගිලන් රථ කිහිපයක් හෝමාගම යුද හමුදා කඳවුර ඉදිරිපිටදී අනතුරක මින්නේරිය යුද්ධ හමුදා කඳවුරේ නිරෝධනයන මධ්‍යස්ථානයේ නිරෝධනයට ලක් වෙමින් සිටිය දී කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ පුද්ගලයන් 24 දෙනෙකු හෝමාගම රෝහල වෙත රැගෙන එමින් සිටි ගිලන්රථ කිහිපයක් හෝමාගම යුද්ධ හමුදා කඳවුර ඉදිරි පිට දී මීට සුළු මොහොතකට පෙර අනතුරකට ලක් වී ඇතැයි හෝමාගම පොලිසිය කියයි . 26 May 2020
නිසි ක්‍රමවේදයකින් තොරව අලෙවි කිරීමට සුදානම් කළ යෝගට් - ජෙලිකප් තොගයක් විනාශයට ආහාර පනතේ යටතේ ලබාදි ඇති නිසි ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් ප්‍රවාහනය සහ බෙදාහරින ලද යෝගට් කප් සහ ජෙලී කප්, තොගයක් වැලිගම නගරයේදී අද (26 ) දින දහවල් අත්අඩංගුවට ගත්බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි , 26 May 2020
බද්දේගම ප්‍රා.සභාවේ වියදම් වාර්තාව පරාජය වෙයි බද්දේගම ප්‍රාදේශීය සභාවේ මාසික වියදම් වාර්තාව වැඩි ඡන්ද 8කින් පරාජයට පත්වී ඇත. 26 May 2020
‘‘ආණ්ඩුව බොරුවෙන් ඉපදී බොරුවෙන් ජීවත් වී බොරුවෙන්ම මිය යන්න හදනවා’‘ කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව ලෝක වෙළඳපොලේ තෙල්මිල අඩුවීමේ සහනයවත් නොදි අසීමිත ලෙස බදු බරක් පටවමින් දේශීය කෘෂි නිෂ්පාදනය රැකගන්න එසේ කළ බව කියන මේ ආණ්ඩුව බොරුවෙන් ඉපදී, බොරුවෙන් ජීවත් වී, බොරුවෙන්ම මිය යන්න හදන ආණ්ඩුවක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (26) පැවසීය. 26 May 2020
හබරාදූව ප්‍රා .ස. උණුසුම් වෙයි කොරෝනා වයිරසය පාලනය කිරිමට රජය ප්‍රමාදවු බවට හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු කරන ලද ප්‍රකාශයක් නිසා අද (26) පැවති හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම දැඩි උණුසුම් තත්වයකට පත්විය. 26 May 2020
හාරිස්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර කොරෝනා පාලනය සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නිතිය පැවැති කාල සිමාව තුළ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ කර ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමට පියවර ගන්නා බව එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා අද( 26 ) පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී සඳහන් කළේය. 26 May 2020
ඇඳිරි නීතිය අස්සේ බුරුවා ගැසූ පහකට 41,000 ක දඩ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලය තුලදි මුදල් ඔටිටුවට තබා බුරුවා ගැසු පස්දෙනෙකුට රුපියල් 41000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (26) දා නියෝග කලේය. 26 May 2020
පොල් ගසකින් ඇද වැටී පුද්ගලයකු මරුට නිකවැරටිය ,හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි ,කුලියට පොල් කැඩීමේ නිරතව සිටි 54 හැවිරිදි පුද්ගලයනු නිවසක පොල් කඩමින් සිටියදී ගසින් වැටී ඇද වැටීමෙන් අද (26) මියගිය බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. 26 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025