(මොහොමඩ් ආසික්)
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් වරාතැන්න ප්‍රදේශයේ මාර්ගයක් පරීක්ෂා කිරීම සඳහා ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ සභාවේ නිළධාරින් පිරිසක් අද (27) දහවල් එහි ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් සහ සභාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
මෙම මාර්ගය දැනට පවතින ස්ථානයෙන් ගමන් කළ නොහැකි බවත් මින් පෙර තමන් භාවිතා කළ මාර්ගය හරස් කර බැම්මක් බැඳ ඇති බැවින් එම බැම්ම ඉවත් කර එම මාර්ගය තමන්ටද භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසත් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති
. කෙසේ නමුත් සභාපති ආනන්ද ජයවිලාල් මහතා ප්‍රකාශ කරන්නේ, පුද්ගලික නිවාස යෝජනා ක්‍රමයක් සඳහා ඉදි කර ඇති මෙම මාර්ගය පුද්ගලික මාර්ගයක් බවත් එම මාර්ගය නිවාස යෝජනා ක්‍රමය අවසන් වන ස්ථානයෙන් 1988 වසරේදී බැම්මක් ඉදි කර ඇති බවත්ය.
ඊයේ 26 වනදා පැවැති ගුවන් විදුලි වැඩසටහනකදී සජීව දුරකථන ඇමතුමක් මගින් එම ප්‍රදේශයේ පදිචිකරුවකු බව සඳහන් කරමින් කතා කළ පුද්ගලයෙකු තමන්ට නුසුදුසු ලෙස කතා කළ බවත් මෙහිදී තමන් දැඩි ලෙස වේදනාවට පත්ව සිටින බවත් සභාපතිවරයා මෙහිදී කීය. .
තමන් වසර 14 ක් මෙම සභාවේ සභාපති ධුරට හොබවන බවත් මෙම මාර්ගය සම්බන්ධයෙන් දැනට වසර එක හමාරක පමණ කාලයක සිට පමණක් මාර්ගය සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වන බවත් සභාපති වරයා කීය.
කෙසේ නමුත් පුද්ගලික නිවාස යෝජනා ක්‍රමය සඳහා ඉදි කර ඇති මාර්ගය පුද්ගලික මාර්ගයක් බැවින් එය විවෘත කර දීමට තමන්ට හැකියාවක් නොමැති බවත් ප්‍රාදේශිය සභාව සතු මාර්ගය සංවර්ධනය කර දීමට තමන් පොරොන්දුව සිටියදී මෙලෙස තමන්ට දෝෂාරෝපණය කිරිම සිදු කළ බවත් සභාපතිවරයා මෙහිදී කීය.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ, තමන්ට දැනට පවතින මාර්ගයේ ගමන් කළ නොහැකි බැවින් මෙම බැම්ම ඉවත් කර මාර්ගය විවෘත කර දෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සභාපතිවරයා සඳහන් කළේ, පුද්ගලික මාර්ගයක් විවෘත කර දීමට තමන්ට බලයක් නොමැති බවයි.


2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාර්ගයක් පරීක්ෂා කිරීමට ගොස් හාරිස්පත්තුව ප්‍රා. සභාපති-ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක