සිතුම් චතුරංග
පේදුරුතුඩුව , වල්ලිපුනම් , අල්වාර් බෝ ගහ අසල මාර්ග බාධක රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් පිරිසක් සිටි ස්ථානයක සිදුවූ පුපුරා යාමකින් එක් කොස්තාපල්වරයකු තුවාල ලබා අද(27) උදෑසන මන්දිගායි රෝහල වෙත ඇතුළත්කර ඇති බව පේදුරුතුඩුව පොලිසිය කියයි.
අද උදෑසන 07.10 පමණ මෙම පුපුරායාම සිදුව ඇති අතර එහිදී කොස්තාපල්වරයාගේ පාදයට සුළු තුවාල සිදුව ඇති බවද පොලිසිය පැවසීය.
ටින් එකක් තුල සූක්ෂම ලෙස සකස්කළ පීඩන බෝම්බයක් වැනි යමක් නිලධාරීන් රාජකාරීකළ ස්ථානයේ පොළව මතුපිටට පෙනෙනෙ සේ වළලා තිබී ඇති අතර එය පුපුරා නිලධාරියා හට තුවාල සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
පුපුරායන අවස්ථාවේ උපපොලිස් පරීක්ෂකවරයකු හා තුවාල ලැබූ කොස්තාපල්වරයා රාජකාරියේ සිට ඇති අතර ඔවුන් සිටි ස්ථානයේ මෙය පුපුරා ගොස් ඇති බවත් උපපොලිස් පරීක්ෂකවරයාට තුවාල සිදුව නොමැති බවද පොලිසිය පැවසීය.
පිපිරීමෙන් එලෙස තුවාල ලබා ඇත්තේ පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරීකළ (90230) ඩබ්ලිව්.ඩබ්ලිව්.ටි.ඒ ප්‍රනාන්දු යන නිලධාරියා බවද පැවසීය.
තුවාල ලැබු නිලධාරියා පේදුරුතුඩුව මන්දිගායි රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ දකුණු පාදයේ වළලුකර ආසන්නයේ පිපිරීම හේතුවෙන් තුවාල ලබා ඇති බවත් එය සුළු තුවාලයක් බවද මන්දිගායි රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
පිපිරීම සිදුවූ පේදුරුතුඩුව , මරදන්කේණි මාර්ගයේ නිරන්තරයෙන් වැලි ජාවාරම් සිදුවන බැවින් එම ජාවාරම්වලට සම්බන්ධ පිරිසක් නිලධාරීන් බියවැද්දිම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය සහිත ද්‍රව්‍ය අටවා තබන්නට ඇති බවට විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් සැකපලකරති.
පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයද විමර්ශන සිදුකරති.
පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.


2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පේදුරුතුඩුවේ පිපිරීමකින් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහලේ