(ප්‍රියානි මංගලිකා )
වයඹ වනජීවි කලාපයේ පුත්තලම ප්‍රදේශයේදී දඩයක් කරුවන්ගේ වෙඩි තැබීමකට ලක්ව බරපතල තත්වයේ සිටි මුවාට ප්‍රතිකාර අරඹා ඇති බවද , මුවාගේ දකුණු පාදය ඉවත් කිරිමට සිදු වූ බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය කාර්යාලය අද (28) පැවසීය.
අනෙකුත් සතුන් සුව වීමෙන් රක්ෂිතය වනාන්තර වලට මුදා හැරීම සාමාන්‍ය සංසිද්ධියක් වුවද පාදයක් අහිමි මුවා සුව වීමෙන් පසුව රක්ෂිත කැලයකට මුදා හැරීම ගැටලුවක්ව පවතින බවද ,දඩයක් කරුවන්ගේ වෙඩි තැබීම් වලට ලක්වන වන සතුන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පවතින බවද වනජීවි නිලධාරීන් කියති.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර වයඹ වනජීවි පශුවෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ,අඩවි ආරක්ෂක මංජුල විජේපාල ,නියාමකවරුන් වන ලලිත් පෙරේරා ,සපුමල් බංඩාර, ලක්ෂිකා ජයසුන්දර , රියදුරු එච්.කේ.හේරත් ,යන නිලධාරින් විසින් මුවාට ප්‍රතිකාර සිදු කෙරිණි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.