IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


තද සුළඟින් වැලිවේරියේ නිවාස රැසකට හානි

(තිලකරත්න දිසානායක.)

ගම්පහ,  වැලිවේරිය ප්‍රදේශයේ හඹා ගිය සුළඟින් නැගෙනහිර වැලිවේරිය ග්‍රාම නිලධාරී වසම් දෙකක නිවාස නිවාස 43 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇත.

අද (27) උදෑසන 5 ට පමණ ඇදහැදුණු ධාරානිපාත වර්ෂාවත් සමග සුළඟ හඹා ගිය බව ප්‍රදේශවාසීහු පැවසූහ. 

සුළඟින් උතුර වැලිවේරිය ග්‍රාම නිලධාරී වසමේ නිවාස 15 කට සහ නැගෙනහිර වැලිවේරිය වසමේ නිවාස 28 කට අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවත් නිවාසලාභීන්ට සහන සැලසීම පිනිස දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය ප්‍රකාශ කළාය. 

කඩා වැටී ඇති ගස් ආදිය ඉවත් කිරීම පිණිස යුද හමුදා යක්කල හමුදා කඳවුර මගින් පියවර ගනු ලබන බවත් ඇය සදහන් කළාය. 

සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීම පිනිස ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන, ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක,  දිස්ත්‍රික් ආපදාකරණ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත, දිස්ත්‍රික් සහකාර ලේකම් අයෝද්යා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 


 



අදහස් (0)

තද සුළඟින් වැලිවේරියේ නිවාස රැසකට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site