(බන්දු තඹවිට)
දර්ගානගරය දෙසට නීති විරෝධීව එළ ගවයන් සිව් දෙනෙකු ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වැලිපැන්න අධිවේගී පිවිසුම අසලදී අනතුරට ලක්වීමෙන් පසුව අද (28) අලුයම වැලිපැන්න පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
අලුත්ගම මතුගම මාර්ගයේ මතුගම දෙස සිට අලුත්ගම දර්ගානගරය දෙසට අද (28) අලුයම ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් කඩවත සිට බෙලිඅත්ත දක්වා සිමෙන්ති ප්‍රවාහනය කල කන්ටේනර් ටැංකියක් සහිත ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවූ වහාම කුඩා ලොරි රථයේ ගමන් කරමින් සිටි තිදෙනෙකු වාහනය එම ස්ථානයේ දමා පලාගොස් ඇත.
මෙම අනතුර වාර්තා වීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි අධිවේගී මාර්ග පොලිස් මුරපොලේ නිලධාරීන් සහ වැලිපැන්න පොලිසියේ නිලධාරීන් කුඩා ලොරි රථය පරීක්ෂා කිරීමේදී එම කුඩා ලොරි රථය තුළ සිරවන ලෙස ගැට ගසා සිටි එළ ගවයන් සිව් දෙනෙකු සිටින බව හෙළිවී ඇත.
පසුව එම ගවයන් ගැට ගසා තිබුණු කඹ කපා ගවයන් සිව් දෙනා ට නිදහසේ සිටීමට පොලිස් නිලධාරීන් විසින් කටයුතු කළ අතර මෙම ගවයන් නීති විරෝධීව ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් ,එම නිසා එම ගවයන් ප්‍රවාහනය කල පුද්ගලයන් පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.