(තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරයේ සොබලන් කන්ද ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ත්‍රීරෝද රථයක් ගිනි තබා විනාශ කර සැඟව සිටි පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.
සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හෙරොයින් මිලිග්‍රෑම් 2100 ක් ද සොයාගත් බවත් පොලිසිය කීය.
සැකකරු අසල්වැසි නිවැසියෙකු සමග ඇතිවූ ආරවුලක් මුල් කරගෙන මෙම ත්‍රිරෝද රථය ගිනි තබා ඇතැයි පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබේ.
මෙමත්‍රීරෝද රථය ඊයේ (25) ගිනි තබා ඇති අතර නිවැසියන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න නිවා දමා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd