IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


නිසි ක්‍රමවේදයකින් තොරව අලෙවි කිරීමට සුදානම් කළ යෝගට් - ජෙලිකප් තොගයක් විනාශයට

(තරංග ගුණරත්න) 
 
ආහාර පනතේ යටතේ   ලබාදි ඇති  නිසි ක්‍රමවේදයන්  උල්ලංඝනය කරමින් ප්‍රවාහනය සහ බෙදාහරින ලද යෝගට් කප් සහ ජෙලී කප්,  තොගයක් වැලිගම නගරයේදී අද  (26 ) දින  දහවල් අත්අඩංගුවට ගත්බව  වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි ,
වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත  ලද  තොරතුරක් මත  වැලිගම නගරයේදී   මෙම වැටලීම සිදුකර   ඇත.
 
එහිදී   ආහාර පනත යටතේ ශීතකල කිරි ආශ්‍රිත ආහාර  ප්‍රවාහනය සහ බෙදාහැරීම   සදහා  ලබාදි ඇති  නිසි ක්‍රමවේදයක් වන උෂ්ණත්වය  සෙල්සියස් අංශක  4- 8 යටතේ  ප්‍රවාහනය සහ බෙදාහැරීම  සිදුකළ යුතු වුවත් කුඩා ලොරි රථයක් මගින්  සමාන්‍ය උෂ්ණත්වය යටතේ    රිජිෆෝම් පෙට්ටිවල  ගබඩාකර ගාල්ල නගරයේ  සිට වැලිගම නගරය වෙත ප්‍රවාහනයකර  ජනතාවට අලවි කිරිම සදහා වෙළෙඳ සැළක් වෙත බෙදා හැරීමට කටයුතු සුදානම්ව තිබිණි, 
 
 අනතුරුව   ලොරි රථයේ රියදුරුවන ගාල්ල පෙදෙසේ පදිංචි වයස 54 වන පුද්ගලයාට   සහ වෙළඳ සැලේ  හිමිකරුවන්ට දැඩිව  අවවාද කර  මුදාහරින ලදි පසුව   අත්අඩංගුවට ගත් රුපියල් හතලිස් පන්දහසක් පමණ වන   යෝගට් සහ ජෙලි කප් තොගය  මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වැලිගම කප්පරතොට පෙදෙසේදි  විනාශ කිරීමට කටයුතු කළේය.
 
මෙම වැටලීම   වැලිගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එචි එමි එන්  නිහාල් මහතා , වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක  නාමල් නුවන් කුමාර ,මිරිස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂක ආනන්ද  සේනාධීර   මිදිගම මහජන  සෞඛ්‍ය පරීක්ෂක  කෞශල්‍ය නානායක්කාර , කඹුරුගමුව  මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් ,එස්, එන් , පතිරණ මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ 



අදහස් (0)

නිසි ක්‍රමවේදයකින් තොරව අලෙවි කිරීමට සුදානම් කළ යෝගට් - ජෙලිකප් තොගයක් විනාශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site