IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හබරාදූව ප්‍රා .ස. උණුසුම් වෙයි

(සුමතිපාල දීයගහගේ )

 කොරෝනා වයිරසය පාලනය කිරිමට රජය ප්‍රමාදවු බවට හබරාදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ  මන්ත්‍රීවරයෙකු කරන ලද ප්‍රකාශයක් නිසා අද (26) පැවති හබරාදුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්විම දැඩි උණුසුම් තත්වයකට පත්විය.
 
 ගුවන් තොටුපොල වසා දැමීමට ප්‍රමාදවීම නිසා රටපුරා කොරෝනා වසංගතය පැතිර ගිය බවට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන රෝහන ප්‍රියන්ත
මහතා මාසික රැස්වීමේදී ප්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට  ප්‍රථමයෙන් චෝදනා කළේය.
 
එමෙන්ම ප්‍රමාදවී හෝ ගුවන් තොටුපොල වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරිමට කටයුතු කිරිම පිළිබද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ත්‍රිවිධ හමුදාවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුලු සියලු දෙනාට ස්තුති කරන බවද රෝහන ප්‍රියන්ත මහතා පැවසිය.
 
 ඉන් අනතුරුව  ප්‍රාදේශීය සභා මන්ත්‍රි අමිල නානායක්කාර (පොදුජන පෙරමුණ )මහතා   කතා කරමින් රෝහන ප්‍රියන්ත මහතාගේ ප්‍රකාශය හෙලා දකින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු ත්‍රිවිධ හමුදා නිලධාරින් සෞඛ්‍ය අංශ කරන ලද කැපවීම නිසා කොරෝනා වෛරසය පාලනය කිරිමට හැකිවී ඇති බවද කීය. එමෙන්ම රෝහන ප්‍රියන්ත මහතා කරන ලද්දේ දේශද්‍රෝහි කුහක ප්‍රකාශයක් බවත් කියමින් අමිල මහතා දිගින් දිගටම කතා කරමින් සිටින විට
අමිල නානායක්කාර මහතාගේ‍ කතාවට රෝහන ප්‍රියන්ත මන්ත්‍රීවරයා දිගින් දිගටම බාධාකළේය.
 ඒ සමගම සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන් වැඩි පිරිසක් නැගී සිට කෑකෝ ගසමින් රෝහන ප්‍රියන්ත මහතාට විරෝධය පල කරන්නට විය.

එම අවස්ථාවේ මුලු සභාවම දැඩි උණුසුම් තත්වයකට පත්විය.රෝහන ප්‍රියන්ත මහතාගේ ප්‍රකාශයට විරෝධය පල කරමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකුවන ජී එච් අමිල මහතා මේසවලට අතින්  පහර දෙමින් කලබලකාරී ලෙස  හැසිරෙමින් සභාවෙන් පිටට යෑමට උත්සාහ කළේය.

එහෙත් සෙසු මන්ත්‍රිවරුන් ඒ මහතාගේ ගමන වලකා සභාව තුලම රදවා ගැනිමට පියවර ගත්හ.
පසුව සභාපති බන්දුපාල අබේකෝන් මහතා මැදිහත්වී මන්ත්‍රීවරුන් සන්සුන් කොට නැවත සභාවේ කටයුතු ආරම්භ කළේය. 

 



අදහස් (0)

හබරාදූව ප්‍රා .ස. උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14128 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11109 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site