(මොහොමඩ් ආසික් )
කොරෝනා පාලනය සඳහා ක්‍රියාත්මක කරනු ලැබූ නිරෝධායන ඇඳිරි නිතිය පැවැති කාල සිමාව තුළ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ කර ඇති සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමට පියවර ගන්නා බව එහි සභාපති ආනන්ද ජයවිලාල් මහතා අද( 26 ) පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී සඳහන් කළේය.
හාරිස්පත්තුව බරිගම පිහිටි ප්‍රාදේශිය සභාවේ ප්‍රධාන කාර්යාලීය රැස්වීම් ශාලාවේදී මෙම රැස්වීම සභාපති ආනන්ද ජයවිලාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ සභාපති ආනන්ද ජයවිලාල් මහතා සඳහන් කළේ හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ ගණනාවකින් අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බව සභාව වෙත වාර්තා පැමිණිලි කර ඇති බවත් තම ප්‍රදේශය තුල එවැනි අනවසර ඉදිකිරීම් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම සභාව වෙත දැනුම් දෙන ලෙසද සභාපතිවරයා සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය කාලය තුල හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් උගුරැස්සපිටිය හතරේ කණුව ඇතුළු ප්‍රදේශ ගණනාවක මෙලෙස අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් වහාම ඒවා ඉවත් කර ගන්නා ලෙස ඒවායේ හිමිකරුවන්ට දන්වන ලෙසත් එසේ ඉවත් නොකරන්නේ නම් ඉදිරියේදී සභාව මගින් එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමට පියවර ගන්න බවත් සභාපතිවරයා මෙහිදී කිය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී රුවන් ජයවිලාල් , විජිත කුමාර නඳුන්ගේ ජවිපෙ මන්ත්‍රී ඩබ්.ජී.ජයතිස්ස යන මන්ත්‍රීවරුන් ඇතුළු කිහිප දෙනෙකුම මෙම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
කෙසේ නමුත් මෙම කාල සීමාව තුල පමණක් නොව ඉන් පෙරත් සිදු කරනු ලැබ ඇති අනවසර ඉදි කිරීම් සියල්ල ඉවත් කිරීමටත් අනවසර අල්ලා ගැනීම් නැවත ලබා ගැනීමත් අවශ්‍ය පියවර ගත යුතු බවත් මෙහිදී සභාව තීරණය කරනු ලැබ තිබේ
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හාරිස්පත්තුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර