(උපාලි ආනන්ද)
මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා , උප සභාපතිවරයා ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අට දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ මහතා අද (1) නියෝග කළේය.
මිහින්තලේ ප‍්‍රාදේශිය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු වන කේ.ඞී උපාලි ආනන්ද මහතාට අතින් පයින් සහ යකඩ පොලූ වලින් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ පසුව නීතිඥවරුන් මාර්ගයෙන් මෙම පිරිස අනුරාධපුර පොලිසියට බාර වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා මිහින්තලේ පොලිසියට නියෝග කරනු ලැබීය.
මෙසේ ඇප නියම කරනු ලැබූවේ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න , උප සභාපති ලලිත් එදිරිසිංහ සහ මන්ත්‍රීවරුන් වන අජිත් සේනාධීර , රුක්මන් සේනාධීර , ජයරත්න මෙන්දිස්, චමින්ද සම්පත් දිසානායක, මාධව ලක්රාජ් සහ ආර් ඒ නිපුන මධුශංඛ රණසිංහ යන මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනෙකි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් මිහින්තලේ පොලිසිය සඳහන් කළේ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන උපාලි ආනන්ද නැමැති තම පියාට මිහින්තලේ වේලන්කුලෙමිදී පිරිසක් පහරදී තුවාල සිදු කර ඇති බව පවසමින් වෘත්තියෙන් පාසල් කාර්යාල කාර්ය සහයකයෙකු වන දුලාන් මදුසංඛ යන අය ඉකුත් 29 වන දා මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් කළ බවයි.
අදාල පහරදීම සිදු කළේ ලාල් සෙනවිරත්න , ලලිත් එදිරිසිංහ අජිත් සේනාධීර , රුක්මන් සිරිසේන , ජයරත්න මෙන්දිස් චමින්ද සම්පත් දිසානායක , මාධව ලක්රාජ් සහ නිපුන මධංසංඛ රණසිංහ යන අයවලූන් බවද අදාල පැමිණිල්ල මගින් තවදුරටත් සඳහන් කර ඇති බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය එම අවස්ථාවේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කළ බවද පැවසීය.
ඒ වන විටත් ප‍්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි සැකකරුවන් අද නීතිඥයින් මාර්ගයෙන් අනුරාධපුර පොලිසියට බාර වී ඇති බවද අධිකරණයට කියා සිටි පොලිසිය සැකකරුවන්ගේ පහර කෑමට ලක්ව ඇති බව කියන උපාලි ආනන්ද නැමැති ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිහින්තලේ ප්‍රා.සභා මන්ත්‍රීට පහර දුන් 8 කට ඇප