(දිලීප් ජයසේකර)
තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි අලෙවි කරමින් සිටි රන්න කට්ටකඩුව ප්‍රදේශයේ වෙළඳ සැල් හිමියෙකු මාතර හම්බන්තොට දිසා වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම පොලිස් වසමට අයත් රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වෙළඳ සැල් හිමියෙකි.
රන්න කට්ටකඩුව ප්‍රදේශයේ වෙළඳ සැලක විදේශීය දුම් වැටි අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී වෙළද සැලේ තිබී විදේශීය දුම්වැටි 124 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිවේගි මාර්ගයේ සේවයට පැමිණ සිටින චීන ජාතිකයන් මාර්ගයෙන් මෙම විදේශීය දුම් වැටි වෙළද සැළට අලෙවි කිරීමට ලැබෙන බව පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෙළදසැල් හිමියා පවසා ඇත.
අත්අඩංගුවට ගත් වෙළදසැල් හිමියා වැඩිදුර විමර්ෂන කටයුතු සඳහා හුංගම පොලිසියට බාර දී ඇති අතර සැකකරු අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි. කුඩු කාරයන් අල්ලන්නේ නැතුව සිගරට් වෙළෙන්දෝ තමයි අල්ලන්න ඕන. අනේ මෙහෙමත් රටක්.