(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,කලහගල ප‍්‍රදේශයේදී අද (06) වෙඩි වැදීමකින් පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ පොලොන්නරුව, කලහගල පදිංචි මල්ලවආරච්චිලාගේ චාමර මධුශංඛ නැමැති 25 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
මොහු තවත් අයෙකු සමඟ තුවක්කුවක් රැගෙන අද සවස දඩයමේ ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
ඔහුගේ මළ සිරුර කලහගල 9 ඇල ප‍්‍රදේශයේ තිබී අද පස්වරු 6.00ට පමණ හමුවී ඇති අතර ගිනි අවිය හෝ සැකකටයුතු පුද්ගලයෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.