( ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)
පස්සර නගරයේ දී තිරිංග අක්‍රිය වූ ලොරි රථයක් ධාවනය වී නගරය මැද පෙරළී යෑම නිසා සිදු වූ අනතුරකින් මගියෙකු මියගොස් ත්‍රී රෝද රථ 4 කට හානි සිදුව තිබෙන බව පොලිසිය කියයි.
අනතුරින් පස්සර අඹතැන්නේගම පදිංචි කුරුලු කුමාර යන අය මියගොස් ඇති බව පොලිසිය කියයි.
කොළඹ සිට තහඩු රුගෙන පස්සරට (06) දින රාත්‍රී පැමිණි ලොරි රථය නගරයේ නවතා තබා අද (07) උදෑසන පනගැන්වීමට උත්සාහ කිරීමේදි එය නොහැකි වු නිසා කිහිප දෙනෙකු රථය තල්ලු කළ පසු මීටර් 600 ක් පමණ දුරක් තිරිංග අක්‍රියව නගරය මධ්‍යයේ ධාවනය වූ ලොරියට මගියෙකු හා නවතා තිබු ත්‍රී රෝද රථ හතරක් යටවීමෙන් අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.
අනතරට ලක්වූ මගියා බදුල්ල මහ රෝහලට ගෙන යන අතර මගදි මිය ගිය බවත් ලොරි රථයේ රියදුරු සුලු තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි.
පස්සර පොලිසිය පරීක්ෂණ පවත්වති
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලොරියක් පෙරැළී අයෙක් මරුට