( ඔගස්ටින් ප්‍රනාන්දු සහ ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකුට අයත් බංගදෙණිය කුමාරකට්ටුව පිරිස් වත්තේ පිහිටි වෙළද සැලකට අවි ආයුධ සහිතව පැමිණි පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර අලාබ හානි කළ බවට පැමිණිල්ලක් ලැබි ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙම පැමිනිල්ල කර ඇත්තේ විජේසුරිය ආරච්චිගේ සුදත් රෝහිත මහතා බවත් කියයි.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පක්ෂය නියේජනය කරණ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයෙක බවත් කියයි.
එම ප්‍රදේශයේ වතු යායක සහකාර වතු අධිකාරි වරයෙකු සහ ඔහුගේ පුතා ඊයේ (5) රාත්‍රී මෙම මැර ප්‍රහරය සිදු කර පළා ගිය බවත් මේ මගින් රුපියල් තිස් පන් දහසකට වැඩි අලාබයක් සිදුව ඇති බවත් පැමිනිළිකරු දන්වා ඇත.
පැමිනිළිිකාර මන්ත්‍රිවරයා මෙයට කලින් සැකකාර වතු අධිකාරිවරයාගේ පුතුට අමානුෂිකව පහාරයක් එල්ල කළ බවට ලද පැමිණිල්ලක් අනුව මන්ත්‍රිවරයා ට විරුද්ධව පැවරු නඩුවක් හලාවත අධිකරණය හමුවෙහි විභාග වන අතර මෙම වෙළද සැලට පහර දිමත් එයට සමගාමිව සිදුව ඇති බවටත් සැක කෙරේ.
හලාවත පොලිසිය පරික්ෂණ සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඹුල් දොඩම් වගාකර දෙළුම් අස්වැන්න බලාපොරොත්තුවෙන " මීහරක්ට " හොද පාඩම්. අපරාදේ එකෙක්වත් නොමැරුනු එක. සමාජ විරෝධී වැඩ කරන අය එසේ ඇන කොටාගෙන හරි නැතිවෙන එක කොච්චර හොදද ? සමාජයට යහපතක්.