ගොඩගම කාර්මික විද්‍යාල අසල මාර්ගයේ මළ සිරුරක් ගොඩගම කාර්මික විද්‍යාලය අසල කිරිමැටි හේන් මාර්ගයේ වැටී මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (14) දා සොයා ගත් බව මීගොඩ පොලිසිය පවසයි . 14 June 2020
වලවේ ගගේ ගිලි දෙදෙනකු මරුට කල්තොට පොලිස් බල ප්‍රදේශයේ වැලිපතයා ප්‍රදේශයේ වලවේ ගගේ දිය නැමට ගිය පුද්ගලයන් දෙදෙනකු අද (14) දා සවස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 14 June 2020
කිංචිගුනේ රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ තිදෙනෙක් අත්අඩංගුවට බලන්ගොඩ කිංචිගුනේ මහ තැන්න රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී එළිපෙහෙළි කළ දෙදෙනෙකු සහ රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයෙකු අද (14) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා පැවැසීය. 14 June 2020
උහන පාලම් කඳවුරේ කතක් විදුලි සැරෙන් මරුට අම්පාර උහන පාලම් කඳවුර නොහොත් බ්‍රිජ්කෑම්ප් ප්‍රදේශයේ නිවසක පදිංචි 48 හැවිරිදි දෙදරු මවක් අද (14) සවස විදුලි සැර වැදී මිය ගොස් ඇති බව උහන පොලීසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ උහන පාලම් කඳවුර ලිපිනයේ පදිංචි එන්.යූ.දිල්හානීනැමති කාන්තාවකි. 14 June 2020
සෝමාවතිය ජාතික උද්‍යානයේ මහා පරිමාණ දැව ජාවාරමක් සෝමාවතිය ජාතික උද්‍යානයේ තිඹිරි ඇළ ප්‍රදේශයේ ඝණ වනාන්තරය තුල වටිනා ගස් කපා විනාශ කර දමා මහා පරිමාණ දැව ජාවාරමක් සිදු කර ඇති බව පොලොන්නරුව කොට්ඨාස දුෂණ මර්ධන අංශය කියයි. 14 June 2020
නීතීවිරෝධීව මසුන් ඇල්ලූ 7 ක් අත්අඩංගුවට යාපනය කයිට්ස් මුහුදු තීරයේ නාවික හමුදාවෙන් සිදුකළ සෝදිස් මුර සංචාරයන් අතරතුරදී නීතිවිරෝධීව තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. 14 June 2020
දික්ආරාව කඳුවැටියේ ඇති වු ගින්න මුළුමනින්ම නිවා දමයි බණ්ඩාරවෙල දෝව දික්ආරාව කදුවැටියේ ෆයිනස් වගා රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්න නිවා දමා අද (14) වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 14 June 2020
ඔරුවක් පෙරැළි අට හැවිරිදි දරුවෙක් මරුට අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ නවගිරියාව වැවේ පිරිසක් ඔරු පදිමින් සිටියදි ඔරුව තුල සිටි වයස අවුරුදු අටක දරුවෙක් වැවට වැටි මියගොස් තිබේ. 14 June 2020
බණ්ඩාරවෙල දික්අරාව කඳුවැටියේ ගින්නක් බණ්ඩාරවෙල දෝව දික්අරාව කඳුවැටියේ අද (13) දහවල් ඇතිවූ හදිසි ගින්නක් මේ වන විටත් කඳුවැටිය පුරා සීඝ්රයෙන් පැතිරයමින් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 13 June 2020
මෝටර් රථයක් සමඟ කතක් බොල්ගොඩ ගඟට වැටී මිය යාමේ සිද්ධියට මෝටර් රථ රියැදුරුට ඇප පානදුර හිරණ පාලම අසල බොල්ගොඩ ගඟට මෝටර් රථයක් වැටීමෙන් ඒ තුළ සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු අද (12) පානදුර අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය. 12 June 2020
ඔරුවක් පෙරැළි අයෙක් මරුට පොලොන්නරුව අලුත්වැව ජනපදයේ පිහිටි අලුත්වැවේ නෙළුම් බට්ටන් කැඩීම සඳහා ඔරුවකින් ගිය පුද්ගලයෝ තිදෙනෙකු අද(12)සවස ඔරුව පෙරළීමෙන් අනතුරකට පත්ව එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 12 June 2020
ගත වු පැය 24 ට පුද්ගලයන් 456 ක් අත්අඩංගුවට ඉකුත් පැය 24 තුල බස්නාහිර පලාත තුළ සිදු කළ වැටලීම් වලදී පුද්ගලයන් 456 දෙනෙකු පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි. 12 June 2020
මන්නාරම රක්ෂිතයක වැලි ගොඩදැමූ පුද්ගලයින් 13 ක් අත්අඩංගුවට මන්නාරම - නීන්තාලවීල් රජයේ රක්ෂිතයේ පාලීආරු ඔයේ හා ඒ ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩ දැමීම සම්බන්ධව සැකපිට පුද්ගලයින් 13 දෙනකු හා වැලි පැටවූ ටැක්ටර් රථ 03 ක් අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන කාර්යාලය කියයි. 12 June 2020
ළිඳක තිබී අත්බෝම්බයක් - කඩු තුනක් සොයාගනී කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ළිඳක තිබී අත් බෝම්බයක් හා කඩු තුනක් අද (12) දා සොයාගෙන ඇති බව කුරුණෑගල පොලිසිය පවසයි . 12 June 2020
ත්‍රිරෝද රථ අනතුරකින් අයෙක් මරුට පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සේවාගම ප්‍රදේශයේදී 80 හැවිරිදි පුද්ගලයෙකු පාර හරහා මාරුවීමට ගිය අවස්ථාවේ ත්‍රිරෝද රථයක හැපීමෙන් මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 12 June 2020
විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට නවගත්තේගම කැලේවැව කුකුලු ගොවි පොළක කුකුළන් සඳහා ආහාර සැපයීමට යාමේදී විදුලි සැර වැදීමෙන් වයස අවුරුදු 34 ක් වූ සමන් චන්දන රත්නායක නැමැති තිදරු පියකු මියගොස් ඇති බව නවගත්තේගම පොලිසිය කියයි . 12 June 2020
යසෝධ රංගෙබණ්ඩාරගේ මෝටර් රථය අනතුරක හිටපු මන්ත්‍රී හා රාජ්‍ය නොවන අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇතිබව ආණමඩුව පොලිසිය කියයි. 12 June 2020
හම්බන්තොට පුදේශ කිහිපයකට 15 දා ජල කප්පාදුවක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුදේශ කිහිපයකට සදදා (15) වනදා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනු ලබයි. 12 June 2020
මාස තුනකට පසු මුස්ලිම් භක්තිකයන්ට මුස්ලිම් පල්ලිවල යාඥා කිරිමට අවසර කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග ආගමික ස්ථානවලට එක්රැස් වි ආගමික වතාවන් වල නොයෙදෙන ලෙස මහජනතාවට සෞඛ්‍යය අංශ විසින් තාවකාලිකව පනවා තිබු තහනම (12) දින සිට තාවකාලිකව ලිහිල් කර ඇත. 12 June 2020
රජවක රක්ෂිතයේ මැණික් ගැරූ අයට දඩ නිරෝධනය ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන කාලයේ බලන්ගොඩ රජවක රක්ෂිතයේ මැණික් ගැරු පුද්ගලයන් හතර දෙනෙක් සදහා එක් අයෙකුට රුපියල් 25000 ක බැගින් රුපියල් (100,000) ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (12) දා නියෝග කලේය. 12 June 2020
ජා ඇළ ප්‍රාදේශීය සභාවට එරෙහිව පැමිණිල්ලක් ජා ඇල ප්‍රාදේශීය සභාව මූල්‍ය රෙගුලාසි, සභා රීතී හා මහා සභාව නොසලකා හරිමින් කටයුතු කරන බව සදහන් කරමින් , එම සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු විසින් ගම්පහ දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් වෙත අද (12) පෙරවරුවේ ලිඛිත පැමිණිල්ලක් බාර දුන්හ. 12 June 2020
වාරියපොළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වාහනයකට ගහක් කඩා වැටෙයි වාරියපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් වාහනයක් මතට ගසක් කඩා වැටීමෙන් ,වාරියපොල හලාවත ප්‍රධාන මාර්ගයයේ දී අද (12) සිදු වූ අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා රෝහල් ගතකල බවත් අනතුරින් වෛද්‍යවරයෙක් ඇතුලු තිදෙනෙක් දිවි බේරාගෙන ඇති බවද වාරියපොල පොලීසිය පවසයි . 12 June 2020
මුදල් ඔට්ටුවට බූරුවා ගැසු 10 ක් අත්අඩංගුවට බලන්ගොඩ ඇල්ලෙවත්ත ප්‍රදේශයේ නිවසක් තුල මුදල් ඔටිටුවට තබා බුරුවා ගැසු ස්ථානයක් වටලා පුද්ගලයන් 10 දෙදෙනකු අද (11) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 11 June 2020
බලපත් නැතිව දැව ගෙන ගිය රියදුරුට දඩ නිසි බලපතක් නොමැතිව ලොරි රථයකින් දැව ප්‍රවාහනය කල ලොරි රථ රියදුරු ට රුපියල් 5000ක දඩයක් නියම කල මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය දැව රාජසන්තක කරන ලෙස අද (11) නියම කළාය. 11 June 2020
අනවසරයෙන් ප්‍රවාහනය කළ තේක්ක-කොහොඹ දැව සමඟ දෙදෙනකු අත්අඩංගුවට නිසි බලපත්‍රයක් නොමැතිව ඇඹිලිපිටියේ සිට යාපනය බලා ලොරියකින් ගෙනයමින් තිබූ ඉරණ ලද තේක්ක සහ කොහොඹ දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අද(11) දහවල් කුරුවිටදී අත්අඩංගුවට ගැනීමට රත්නපුර අඩවිවන නිලධාරී කාර්යාලයේ නිලධාරීහු සමත්වූහ. 11 June 2020
සුදු හඳුන් ජාවාරමක නිරත වූ සිව් දෙනකු අත්අඩංගුවට පොල් ලෙලි හා දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් සුදු හදුන් ජාවාරමක නිරත වු පුද්ගලයන් සිව් දෙනෙකු හම්බන්තොට අධිවේගී පිවිසුම ආසන්නයේ අතුරු මාර්ගයේදී හම්බන්තොට පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිළධාරීන් විසින් අද (11) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. 11 June 2020
බලංගොඩ නායයාමේ අවදානම් කලාප 5 ක් බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයට අද (11 ) දා අලුයම සිට පවතින අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය අවදානම් කලාප ලෙස නමි කර ඇති ග්‍රාම සේවා වසමි පහකට අයත් ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දී තිබේ. 11 June 2020
නිරෝධායනය අවසන් කළ 200 ක් පම්පමඩුව-පෙරියකාඩු හමුදා කඳවුරුවලින් පිටව යති වවුනියාව පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා කඳවුරේ නිරෝධායනය අවසන් කළ නාවික හමුදා සෙබළුන් 200 දෙනකු අද (11) උදෑසන පිටවගිය බව වන්නි යුද හමුදා මූලස්ථානය පවසයි. 11 June 2020
තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ බස් රථ වර්ජනයක් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ධානවය කරනු ලබන සියලු ම පුද්ගලික බස් රථ රියැදුරුවරු ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් අද (11) නිරත වූහ. 11 June 2020
ත්‍රිරෝද රිය පෙරැළී තරුණයෙක් මරුට පොලොන්නරුව හබරණ ප්‍රධාන මර්ගයේ බැඳිවැව,25 කණුව ප්රදේශයේදීත්රිරෝද රථයක් මාර්ගයේ පෙරළීයාම නිසා සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් අයෙකු මරුමුවට පත්වී ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 11 June 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025