ජා ඇළ ප්‍රාදේශීය සභාවට එරෙහිව පැමිණිල්ලක්
ජා ඇල ප්‍රාදේශීය සභාව මූල්‍ය රෙගුලාසි, සභා රීතී හා මහා සභාව නොසලකා හරිමින් කටයුතු කරන බව සදහන් කරමින් , එම සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු විසින් ගම්පහ දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් වෙත අද (12) පෙරවරුවේ ලිඛිත පැමිණිල්ලක් බාර දුන්හ.