(රොමේෂ් මධුෂංඛ)
යාපනය කයිට්ස් මුහුදු තීරයේ නාවික හමුදාවෙන් සිදුකළ සෝදිස් මුර සංචාරයන් අතරතුරදී නීතිවිරෝධීව තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
කයිට්ස් චිට්ටික්කාඩු මුහුදු ප්‍රදේශයේදී අදාල පිරිස් විසින් තහනම් දැල් භාවිතයෙන් මසුන් අල්ලා ඇති අතර උතුරු නාවික විධානයට අයත් නාවික මුර යාත්‍රාවක් විසින් සිදුකල සෝදිසියකදී මෙම පිරිස සොයාගෙන ඇති අතර එහිදී තහනම් දැල් සමගින් අල්ලන ලද මසුන් කිලෝ 35 ක් හා ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් පිරිස් යාපනය කයිට්ස් අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 ත් 51 ත් අතර වයසේ පසුවන අතර එම පිරිස් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd