( රංජිත් රාජපක්ෂ )
කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමග ආගමික ස්ථානවලට එක්රැස් වි ආගමික වතාවන් වල නොයෙදෙන ලෙස මහජනතාවට සෞඛ්‍යය අංශ විසින් තාවකාලිකව පනවා තිබු තහනම (12) දින සිට තාවකාලිකව ලිහිල් කර ඇත.
මේ අනුව සෞඛ්‍යය අමාත්‍යංශය විසින් දිවයිනේ සියළුම මුස්ලිම් පල්ලි වෙත චක්‍රලේකණයක් නිකුත් කර ඇති අතර එම චක්‍රලේකණයේ ලබා දි ඇති සෞඛ්‍යය නිර්නායක වලට අනුකුලව තනි තනිවම මුස්ලිම් පල්ලි වෙත පැමිණ දවසේ අවස්තා තුනකදි යාඥා කල හැකි බවය.
පොදු යාඥාවන් මුස්ලිම් පල්ලි විසින් නොපවත්වන අතර පුද්ගල දුරස්ථභාවය රදා ගනිමින් සිමිත මුස්ලිම් භක්තිකයන් පිරිසකට පල්ලිය වෙත පැමිණ යාඥාවන් සිදු කිරිමට අවස්තාව උදා වි ඇත.
එම චක්‍රලේකණය අනුව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේද තෙවන මහලේ පුද්ගල දුරස්ථභාවය රදා ගනිමින් මුස්ලිම් භක්තිකයන්ට යාඥා කිරිමට අවස්තාව ලබා දි ඇති බවයි හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර එ.ජේ.එම්.ෆසිර් මොහොමඩ් මහතා කියා සිටියේය.
යාඥාවන් සදහා පල්ලිය වෙත පැමිණෙන අය සදහා දැත් පිරිසිදු කර ගැනිමට පහසුකම් සලසා ඇති අතර මෙතෙක් මුස්ලිම් පල්ලි වල ලබා දි තිබු පොදු පහසුකම් සියල්ල තාවකාලිකව නතර කර ඇත.
හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සෞඛ්‍යය ආරක්ෂක නිර්නායක ක්‍රමවේද අනුව යාඥාවන් සිදු කරන ආකාරය පිලිබදව පරික්ෂා කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතාද සහභාගි විය.



2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාස තුනකට පසු මුස්ලිම් භක්තිකයන්ට මුස්ලිම් පල්ලිවල යාඥා කිරිමට අවසර