(නවරත්න සමරතුංග)
අම්පාර උහන පාලම් කඳවුර නොහොත් බ්රිජ්කෑම්ප් ප්රදේශයේ නිවසක පදිංචි 48 හැවිරිදි දෙදරු මවක් අද (14) සවස විදුලි සැර වැදී මිය ගොස් ඇති බව උහන පොලීසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ උහන පාලම් කඳවුර ලිපිනයේ පදිංචි එන්.යූ.දිල්හානීනැමති කාන්තාවකි.
ඇයගේ මෘත දේහය අම්පාර මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මේ සම්බන්ධව මහේස්ත්රාත් පරීක්ෂනය හා පශ්චාත් මරණ පරීක්ෂනයක් පැවැත් වීමට නියමිත විය.
උහන පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්.කරුණාරත්න මහතාගේ උපදෙස් අනුව උප පෙලිස් පරීක්ෂක නිමල් ජයලත් පොලිස් සැරයන් වරුන්වන 58004 වේරගොඩ සහ 62167 ප්රියන්ත යන නිලධාරීහූ පරීක්ෂන පවත්වති.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.