IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


රජවක රක්ෂිතයේ මැණික් ගැරූ අයට දඩ

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

නිරෝධනය  ඇඳිරිනීතිය  ක්‍රියාත්මක කෙරෙන කාලයේ   බලන්ගොඩ රජවක රක්ෂිතයේ මැණික් ගැරු පුද්ගලයන්  හතර  දෙනෙක් සදහා එක් අයෙකුට රුපියල් 25000 ක බැගින් රුපියල් (100,000) ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (12) දා නියෝග කලේය.

රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු විම  යන චෝදනාව යටතේ  එක් අයෙකුට රුපියල් 10,000  බැගින් 40,000 ක සහ රක්ෂිතයේ මැණික් ගැරිම යන චෝදනාවට  එක් අයෙකුට රුපියල් 15000, බැගින්  රුපියල්  60,000 ක දඩ  මොවුන්ට  නියම විය.

ඉකුත්   අප්‍රේල් (04 ) වැනිදා  බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙකු  ඇතුළු මොවුන් සිවි  දෙනා  රජවක රක්ෂිතයේ මැණික් ගරමින් සිටියදී බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

පසුව  මොවුන්  මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන්ගේ අධික්ෂනය යට⁣තේ   නිරෝධනයට  ලක්  කර   එම  කාලය අවසන්  විමත් සමග  අද (12) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කෙරිණි.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි සුරේෂ්  කුමාර,බලන්ගොඩ රජවක සහ මුල්ගම  ප්‍රදේශවල  පදිංචි රංජිත් කුමාර , මදුරංග කුමාර ,සහ සිසිර කුමාර  යන අයට මෙලෙස  දඩ නියම  විය.
 



අදහස් (0)

රජවක රක්ෂිතයේ මැණික් ගැරූ අයට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site