( අධිකාරි මුදියන්සේ සහ පුෂ්ප කුමාර ජයරත්න )
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ ළිඳක තිබී අත් බෝම්බයක් හා කඩු තුනක් අද (12) දා සොයාගෙන ඇති බව කුරුණෑගල පොලිසිය පවසයි .
කුරුණෑගල වැහැර නිශ්ශංක මාවතේ පිහිටි විහාරස්ථානයක් ආසන්නයේ ඇති පොදු ළිඳක් කුරුණෑගල මහ නගර සභාවේ සේවකයින් විසින් පවිත්‍රතා කටයුතු කිරීමේදී මෙම අත්බෝම්බය හා කඩු සොයාගෙන ඇත.
මෙම ස්ථානයට මෙය ආයුධ කලකට පෙර ගෙන දමන්නට ඇති බව පොලිසිය සැක පළකරන අතර , විශේෂ කාර්ය බලකා බළකා මූලස්ථානයේ නිලධාරීන් පැමිණ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



(ඡායාරූප - අධිකාරි මුදියන්සේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd