(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
පානදුර හිරණ පාලම අසල බොල්ගොඩ ගඟට මෝටර් රථයක් වැටීමෙන් ඒ තුළ සිටි කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරු අද (12) පානදුර අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ කළුතර උතුර විලේගොඩ පදිංචි මොහොට්ටිගේ දිලිප් උපේන්ද්‍ර පෙරේරා යන අයයි.
රුපියල් 50,000 ක ශරීර ඇප හා රුපියල් 50,000 ක පුද්ගලික ඇප මත සැකකරු මුදා හැරිණි.
දණ්ඩ නීති සංග්‍රහයෙහි 272 හා හා 297 වගන්තිය යටතේ නොසැලකිලිමත් ක්‍රියාවක් කර මරණයක් සිදු කිරීම චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
නඩුව ලබන මස හත් වැනි දිනට යළි කැඳවීමට නියමිතයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි විස්තරයක් කියලා නෑ. ඒත් මේක අහම්බෙන් වුනා. නොසැලකිල්ලක් වෙන්න බැහැ. බොහෝවිට සැකකටයුතු මරණයක්.